අතක පවතින ප්‍රධාන රේඛා 4න් එකක් වශයෙන් ධන රේඛාව හැඳින්විය හැකියි. මෙය ඉරණම රේඛාව වශයෙන්ද හඳුන්වයි. මෙය අතෙහි මැණික් කටුව ආසන්නයෙන් ආරම්භවී ඇඟිලි වෙතට ඇදී යයි. පළමු රූපසටහනේ පෙන්වා ඇති පරිදි අතෙහි ධන රේඛාවේ ආරම්භය විවිධ ආකාරයෙන් සිදුවිය හැකියි. ඒ අනුව ධනය උපයන ආකාරය මෙන්ම ධනය පිළිබඳ තෘප්තිමත් වන ආකාරයද තීරණය කළ හැකියි.

ධන රේඛාවෙහි ප්‍රභේද

ධන රේඛාව අතෙහි සෘජුවම පිහිටා තිබිය යුතු නැත. සෘජුවම පිහිටි ධන රේඛා අත් දෙකෙහිම පවතින කාන්තාවන්ගෙන් 70% විවාහ ජීවිතයේ ගැටලුවලට මුහුණ දෙයි. එමෙන්ම පිරිමින්ගෙන් 50% දෙවන වර විවාහයක් කර ගන්නා බව පෙන්නුම් කරයි. ධන රේඛාව සෘජුව පැවතීම හරහා එම පුද්ගලයාගේ මාන්නය අධික බව පෙන්නුම් කරන අතර එම රේඛාව රෝස පැහැයෙන් පිහිටා ඇත්නම් හදවත සම්බන්ධ රෝගාබාධ මෙන්ම අධික රුධිර පීඩනය ඇතිවීමේ හැකියාව පවතියි. දෙවන රූපසටහනේ පෙන්නුම් කරන පරිදි කෙළින්ම ඉහළට නගින රේඛාවක් සහිත පුද්ගලයන් තමන්ගේ කෝපය පාලනය කරගැනීමට වග බලා ගත යුතුයි. එමෙන්ම ධන රේඛාව සෘජුව පිහිටීම ධනය විශාල වශයෙන් පවතින්නක් බව හඟවන්නක් නොවෙයි. ඉන් අදහස් කරන්නේ තමන්ට ලැබෙන මුදලින් තෘප්තිමත් වන බවයි. පළමු රූපයේ පරිදි ධන රේඛාව සහ චිත්ත රේඛාව අතර ත්‍රිකෝණයක් පැවතීම උත්සාහයෙන් තම කටයුතු සාර්ථක කර ගන්න බව පෙන්නුම් කරයි.

පළමු රූප සටහනෙහි ් වලින් ආරම්භ වන ධන රේඛාව ඇති බොහෝ දෙනා පවුලට වඩාත් සමීපව කටයුතු කරයි. එමෙන්ම ඔවුන් බොහෝ විට පවුලේ අයගේ උපකාර ඇතිව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන අතර ඉන් ඉහළට යාමේ හැකියාව පවතියි. එමෙන්ම ඔවුන්ගේ අසීරු අවස්ථාවලදී පවුලේ පිරිසෙන් සහයෝගය ලැබෙන බව පෙන්නුම් කරයි. විශේෂයෙන් තම පිය උරුමයෙන් ව්‍යාපාර හිමිවන බොහෝ දෙනෙකුට මෙම ධන රේඛාව අත්ලෙහි පිහිටා ඇත.
ඊ ස්ථානයෙන් ධන රේඛාව ආරම්භ වීම බොහෝ දෙනෙකුගේ දක්නට ලැබෙයි. නමුත් මැණික් කටුවට ඉතාමත්ම ආසන්නයෙන් ආරම්භ වන ධන රේඛාවක් සහිත නම් ඔවුන් ජීවිතයේ මුල්ම කාලයේදී එනම් වයස අවුරුදු 20 පමණ වනවිට මුදල් ඉපයීම ආරම්භ කරයි. විශේෂයන් තමන්ගේ මුල් කාලවකවානුවේ දැඩි වෙහෙසක් ගෙන වැඩ කරනා අයගේ අත්ලෙහි මෙම රේඛාව පවතියි.

තමන් උපයන ධනය හරහා වගකීම් සහ යුතුකම් ඉෂ්ට කරනා පිරිසක් ක්‍ ධන රේඛාව හරහා පෙන්නුම් කරයි. මොවුන් පවුලට බෙහෙවින් ලැදි පිරිසක් වෙයි. නමුත් බොහෝ අවස්ථාවලදී තමන් කරනා කාර්යයට සාපේක්ෂව ප්‍රසංශාවක් නොලබන පිරිසක්ද වෙයි.

සඳු මණ්ඩලයෙන් ආරම්භ වන ධන රේඛාව ධන රේඛාවක් පමණක් නොව සූර්ය රේඛාවක්ද වශයෙන් සැලකේ. මෙම රේඛාව සහිත පුද්ගලයන්ට ජනතාවගෙන් මුදල් ලබාගෙන සාර්ථක වීමේ හැකියාව පවතියි. ගායක ගායිකාවන්ට මෙන්ම නවකතාකරුවන්ට මෙම රේඛාව බොහෝ විට දකින්නට ඇත. නමුත් ධන රේඛාව වඩාත් පහළට නැවී සඳ මණ්ඩලයේ පවතී නම් මානසික වශයෙන් අස්ථාවර ස්වභාවයක් පෙන්නුම් කරයි.

ධන රේඛාව මුදල් ලබාගැනීම පිළිබඳ පමණක් පවතින්නක් නොවේ. එයින් තමන් කොතරම් තෘප්තිමත් ජීවිතයක් ගත කරනවාදැයි පිළිබිඹු කරයි. ඇතැම් පුද්ගලයන්ගේ ධන රේඛාව මතු වන්නේ ජීවිතය මධ්‍ය කාලය හඟවන වයස 35 පමණ පසුවය. එමෙන්ම තමන්ගේ ජීවිතයේ සුවිශේෂ සන්ධිස්ථාන ධන රේඛාව කැඩී යාම්වලින් පෙන්නුම් කරයි. වර්ෂයක් තුළදී සිදුවන වෙනස්වීම් ධන රේඛාව හරහා පහසුවෙන් හඳුනා ගත හැක.

කසුන් සමරකෝන්
හස්ත රේඛා විශේෂඥ සහ ජ්‍යෝතිෂ්‍යවේදී