කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන්ට වෙඩිතබා තුවාල කල සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරගෙන යන බව හම්බන්තොට තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර වදුරු කලූවා නමින් හැදින්වෙන අයකු සහ කිරිවෙහෙර භූමියේ ඇති මහසෙන් දේවාලයේ සේවය කල රාලහාමි නමින් හැදින්වෙන අයෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි.

කතරගම කිරිවෙහෙර පිං බිමේ ඇති මහසෙන් දේවාලයේ හිටපු කපුවකු වන ප‍්‍රධාන සැකකරු අසේල බණ්ඩාර නැමැත්තා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 08ක් කතරගම පොලිසිය හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය එක්ව යොදවා ඇත.

නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට ඇතුලූ සෙසු අයට උදව් උපකාර දෙමින් දුරකථන ඇමතුම් මගින් තොරතුරු සපයා ඇති කිරිවෙහෙර කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙකු පිළිබදව ද බුද්ධි අංශ තොරතුරු ලැබී තිබේ.

චානක තරංග – ඇල්පිටිය