කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට, විහාරයේ මහසෙන් දේවාලයේ හිටපු කපුවා වන අසේල බණ්ඩාර විසින් වෙඩි තැබීමට හේතුවී ඇත්තේ පවුම් 5ක රන් මාලයක් බව අනාවරණය වෙයි.

බාරයක් ඔප්පු කිරීම සඳහා පවුම් 5ක් වටිනා රන් මාලයක් කිසියම් අයකු විසින් මහසෙන් දේවාලයට පූජා කර ඇති.

කපු මහතා එහි ඡුායාරූපයක් ගෙන ව්‍යාජ මාලයක් සදවා රන් මාලය සොරකම් කොට ව්‍යාජ මාලය එහි තබා ඇත.

මෙම සිද්ධිය හෙතුවෙන් විහාරාධිපති හිමියෝ කපු මහතා වසරකට පමණ පෙර දේවාලයෙන් ඉවත් කිරීම නිසා හිමිනම සම`ග ඔහු වෛර බැඳගෙන තිබේ.

දේවාලයේ කපුවාගේ රාජකාරිය අහිමි වූ අසේල බණ්ඩාර එ් පිළිබඳ නඩු මඟට පිවිසිය ද තනතුර හිමිවූයේ නැත.

පසුගිය සතියේතීන්දුව ලැබී තිබුණේ විරාපති හිමිනමගේ පාර්ශ්වය ජයගනිමිනි.

මෙයින් තවත් කෝපයට පත් අසේල බණ්ඩාර මෙම වෙඩතැබීම සැලසුම් කර ඇති අතර ඔහු සොයා තවදුරටත් පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.

ගයාන් කුමාර වීරසිංහ 


35283643_356404384883163_1817719696850419712_n

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට ප‍්‍රතිකාර කරන අයුරු සහ වෙඩි තැබූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පරීක්ෂණ පවත්වන අයුරු.

චානක තරංග – ඇල්පිටිය 

35144972_355894041600864_1239029594527367168_n 35296884_356404831549785_1733853012922728448_n 35298452_356404678216467_3403154720380944384_n 35142879_355894344934167_7686473700001972224_n