මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබාගැනීම සඳහා උන්වහන්සේට හිතවත් ගිහිපැවිදි පිරිසක් උත්සහ දරමින් සිටින බව තතු දත් තොරතුරු රිවිරට අනාවරණය කළේ ය.

එ් සම්බන්ධව සාකච්ඡුාවක් මේ වනවිට සිදුවෙමින් පවතින අතර එය සාර්ථක වනු ඇති බව විශ්වාස කෙරේ.

අපරාධමය චෝදනා මත භික්ෂූන් වහන්සේ කිහිප නමක්ම මෙයට පෙර අධිකරණයෙන් දඬුවම් ලබා ඇතත් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට සිර දඬුවම් නියම වන්නේ එවන් අපරාධමය චෝදනාවක් මත නොවන බැවින් එය පෙන්වා දෙමින් මෙම පොදු සමාව ලබාගැනීමට උත්සහ දරන බව ආරංචි මාර්ග අනාවරණය කළේ ය.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් උපසම්පදා භික්ෂුවක් බැවින් උන්වහන්සේට වඩා උපසම්පදාවෙන් ඉහළ භික්ෂූන් වහන්සේ තුන් නමක් බන්ධනාගාර සිර දඬුවම වෙනුවෙන් උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීම සඳහා පැමිණිය යුතුය.

එතෙක් සිර දඬුවම කි‍්‍රයාත්මක කරමින් උන්වහන්සේට ජම්පරයක් ලබාදීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාවක් නැත.

උන්වහන්සේට සිරකරුවෙක් ලෙස සළකමින් ජම්පරයක් ඇන්ඳවීමට පෙර පොදු සමාව හිමවනු ඇති බව උන්වහන්සේට හිතවත් ගිහිපැවිදි පිරිස් විශ්වාස කරයි.


 

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජම්පරය සූදානම්

මාස 6ක බරපතළ වැඩඇතිව සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥනසාර හිමි බන්ධනාගාරයට පැමිණි පසු ඇන්ඳවීම සඳහා ජම්පර් දැනටමත් සූදානම් කර ඇතැයි වාර්තා වේ.

සම්ප‍්‍රදායට අනුව ස්වාමීන් වහන්සේ නමක සිවුර ඉවත් කරන්නේ නම් ඊට ආගමානුකූල වතපිළිවෙත් අනුව කළ යුතු අතර ඉන්පසුව ඥනසාර හිමිට ජම්පරය ඇන්ඳවීම සිදුකරන බව බන්ධනාගාරික කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවැසීය.

සිර දඬුවම් අවසන් වීමෙන් පසුව යළිත් ආගමානුකූලව සිවුර ලා ගැනීම කළ හැකිවේ

නීතියට යටත්ව සිර දඬුවම් ලබා බන්ධනාගාරගත කෙරෙන සෑම පුද්ගලයකුටම තරාතිරම නොබලා සිර ඇඳුම වන ජම්පර් ඇන්දවීම සම්ප‍්‍රදායය.
නමුත් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන කාලය තුළ මෙම නීතියට යටත් නොවේ.

රන්මලී සෝමසිරි


ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාස 6ක් හිරේට

අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට මාස 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

එ් හෝමාගම මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසිනි.

රුපියල් 3000ක දඩ මුදලක් ද මෙහිදී නියම කෙරිණ.

සන්ධ්‍ය එක්නැලිගාඩ මහත්මියට රු. 50,000ක වන්දි මුදලක්ද නියම කර තිබේ.

ඉෂාර රත්නකාර

 


 

දඬුවම් තීන්දුව ගන්න ඥනසාර හිමි පැමිණෙයි- හෝමාගම උසාවියට දැඩි ආරක්ෂාවක්

අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී සිටින ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද දින දඬුවම් නියම කිරීමට නියමිතය.

2016 ජනවාරි 25 දා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය එල්ල කරන ලදැයි ඥනසාර හිමියන්ට එරෙහිව චෝදනා නඟා තිබුණි.

මේ වනවිට ඥනසාර හිමියන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ ඇති අතර අධිකරණයට අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා කැරලි මර්දන එ්කක යොදවා තිබේ.

ඥනසාර හිමියන්ට සහය පළකරමින් භික්ෂූන් වහන්සේලා සහ විශාල දායක පිරිසක් අධිකරණ සංකීර්ණයේ රැුස්ව සිටිති.

ඉෂාර රත්නකාර


 

ඡයාරූප – සජීව චින්තක කහඳගමගේ

5-3 4-4 3-5 galagoda new