පිලිපීනයේ ක්වේසෝන් සොහොන තුළ සොහොන් කොත් දෙකක් අතර මියයන්නට හැරදමා තිබියදී මාස 2ක් වයසැති බිළිඳකු හමුවී තිබේ.

බිළිඳාගේ හඬන ශබ්දය ඇසී අසල්වැසි නිවසක අයකු වහා බිළිඳා රැගෙන රෝහලට රැගෙන ගොස් ඇත.

එහිදී වෛද්‍යවරු පවසා ඇත්තේ බිළිඳා සොහොනට ගෙනැවිත් දමා ඇත්තේ පැය ගණනාවකට පෙර බවයි.

එ් අනුව දැනගන්නට ලැබී ඇත්තේ පෙරදා රාත‍්‍රියේම මෙම බිළිඳා සොහොනට ගෙනැවිත් දමා ඇති බවය.

මෙම බිළිඳාගේ මිත්තණිය සොයාගැනීමට හැකිවීම නිසා බිළිඳාගේ නම ලූයිස් බවත් ඔහුගේ මවගේ නම ලාරා බවත් පොලිසියට දැනගන්නට ලැබී ඇත.

බිළිඳාට ප‍්‍රතිකාර කරමින් ආරක්ෂක අංශ භාරයෙන් ළමා නිවාසයකට භරදී ඇති අතර මවට එරෙහිව නඩු මඟට යොමුවීමට පොලීසිය කටයුතු කරමින් සිටියි.

4D2D634E00000578-5838487-The_two_month_old_boy_was_transferred_to_a_tuk_tuk_above_away_fr-m-65_1528881885129