Young man in handcuffs

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ප‍්‍රබලතම ගෝලයන් තිදෙනකු පොලිසීය විසින් කඩුගන්නාව හෝටලයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂයක පමණ මුදලක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ නගරයේ නිතර වෙසෙන 33 හැවිරිදි රොහාන් සම්පත්, බයිලාගේ ගෝලයෙක් වන 35 වියැති හර්ෂ අනුර දේශප‍්‍රිය හා 25 වියැති හර්ෂ ප‍්‍රදීප් කුමාර යන පුද්ගලයන්ය.

වැඩිදුර විමර්ශන සඳහා මොවුන් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයට භාරදීමට නියමිතය.