විද්‍යාඥයින් වන ඇල්බට් අයින්ස්ටයින් හා ස්ටෙෆන් හෝව්කින් පවා පරදවමින් 11 හැවිරිදි දැරියක ලෝ සුපතළ මෙන්සා IQ පරීක්ෂණයෙන් ලකුණු 162ක් ලබාගෙන තිබේ.

මෙම සමර්ථය ස්නෙහාල් විජේ නම් එම දැරියගේ මාපියන්ට පවා කම්පනය එක්කළ ජයග‍්‍රහණයක්.

ඇල්බට් අයින්ස්ටයින් පවා මෙම IQ පරීක්ෂණයෙන් ලබාගෙන ඇත්තේ ලකුණු 161ක් පමණයි.

එ් එම පරීක්ෂණය සඳහා ලබාගෙන තිබූ ඉතිහාසයේ වැඩිම ලකුණයි.

ඉන්පසුව ලකුණු ලබාගෙන තිබුණේ ස්ටෙෆන් හෝව්කින් ය.

මාස 6කට පෙර මෙම විභාගයට පෙනී සිටින්නැයි මාපියන් කී විට ඇය එයට දක්වා ඇත්තේ දැඩි අකමැත්තක්.

එහෙත් ‘මේකට පැය 2ක් වෙන් කරලා විභාගය ලියන්න. ඊටපස්සේ් ලන්ඩන් එක්කන් යනවා’ යැයි කී පසුව ඇය ඇය සතුටින් මාස 6ක් තුළ ඊට සූදානම් වූ බව මාපියන් පවසා තිබේ. ඇයට අවශ්‍ය වී තිබුණේ වික්ටෝරියාහිදී සාප්පු සවාරි යාමටයි.

ස්නහාල් නිරන්තරයෙන් විශ්ලේෂණාත්මකව සිතන දැරියක් බව ප‍්‍රකටය.

බි‍්‍රතාන්‍යයේ මෙන්සා … සමාජය සඳහා ලොව පුරා 1,10,000ක් පමණ සාමාජිකත්වය දරයි.

ලොව පුරා 20,000ක් පමණ වරකට ඊට සහභාගි වෙයි. බොහෝ අවස්ථාවලඑහි වැඩිම ලකුණු රැඳී ඇත්තේ 100 සීමාවේ වුවත් කලාතුරකින් අතිශය දක්ෂයකු 140 සීමාවට පැමිණෙයි.

මෙය පැවැත්වෙන්නේ 1946 සිටයි.