කතරගම කිරිවෙහෙර විරාධිපති හිමිනමට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් අතර මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා මෙන්ම ඔහුගේ බාල සොයුරා හා හිටපු හමුදා සෙබළකු ද පැමිණ ඇතැයි පොලිස් මූලික පරීක්ෂණවලින් සොයාගෙන තිබේ.

වෙඩි තබන අවස්ථාවේදී ඔවුන් පැමිණි වාහනය කි‍්‍රයාත්මකව තබාගනිමින් අසේල බණ්ඩාර නමැති මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා වාහනයේ සිට ඇත.

වෙඩි තැබීමේ සිද්ධියට 4 දෙනකු දායක වී තිබෙන බව වාර්තා වේ.

වෙඩිපහරට ලක්වූ විහාරාධිපති හිමිනම විසින් මීට වසරකට පමණ පෙර ඉහත කපු මහතා දේවාලවේ කටයුතුවලින් ඉවත් කර ඇත.

පසුව එ් කපු මහතා පරම්පරාගතව දේවාලයේ කටයුතු කරගෙන යා යුතු බවත් තමාට යළිත් එම කටයුතු පවරා දෙන්නැයි ඉල්ලා නඩු මඟට බැස තිබේ.

නඩුවේ තීන්දුව මගින් කපු මහතා පරාජයට පත්වී ඇති අතර තීන්දුව ලැබී තිබුණේ පසුගිය සතියේයි.

එම සිද්ධිය මෙම වෙඩිතැබීමේ සිද්ධියට මුල්වී ඇති බව පොලීසිය සැක පළකරයි.

සැකකරුවන් සොයා විමර්ශන කි‍්‍රයාත්මකයි.

ගයාන් කුමාර වීරසිංහ


 

කිරිවෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබීමේ කොන්ත‍්‍රාත්තුව දේවාල කපුවෙකුගෙන්

කතරගම කිරිවෙහෙර විහාරස්ථානයේ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමිට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දැරීමට හේතුව විහාර භූමියේම පිහිටි දේවාලයක ආරවුලක් බව පොලිස් මූලික විමර්ශනවලින් හෙළිවී තිබේ.

මහසෙන් දේවාලයේ කපු මහතා මේ සම්බන්ධව සැකකරන බව පොලිසිය කියයි.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන පවත්වාගෙන යන බව ද පොලීසිය පැවැසීය.

මෙම ඝාතන තැත කොන්ත‍්‍රාත්තුවක් මත සිදුවූවක් බව පොලීසිය සැකපළකරයි.

හම්බන්තොට රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින විහාරාධිපති හිමියන් ගුවන් මගින් කොළඹට රැගෙනඒමට කටයුතු කරමින් සිටියි.

විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් 8ක් යොදවා ඇතැයි ද වාර්තා වේ.

ගයාන් කුමාර වීරසිංහ