ජපානයේ ගිෆුහි පැවැති 18 වැනි ආසියානු කනිෂ්ට මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගි වී රන් 3ක්, රිදී 4ක් හා ලෝකඩ 2ක් ලෙස පදක්කම් 09ක් දිනා සමස්ත තරගාවලියේ 5 වැනි ස්ථානය හිමිකර ගනිමින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත් ශ‍්‍රී ලංකා පිල පසුගිය ඊයේ සිය රට පැමිණියේය.

ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇතුළු ක‍්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මහත් හරසරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමැතිනී ශි‍්‍රයානි විජේවික‍්‍රම, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දෙමව්පියන්, විදුහල්පතිවරුන් මලල ක‍්‍රීඩා සංගමයේ නිලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මෙම තරගාවලියට සහභාගි වූ අකුරම්බොඩ වීර කැප්පෙටිපොල විදුහලේ අරුණ දර්ශන එම තරගාවලියේ මීටර් 400 ඉසව්ව තත්පර 45.79කදී නිම කොට ආසියානු කනිෂ්ට වාර්තාව අලූත් කරනු ලැබූ අතර මීටර් 4×400 බාලක ඉසව්වේ රන්පදක්කම ශ‍්‍රී ලංකාවට දින දීමට දායක වෙමින් නායකත්වයේ වගකීම මැනවින් ඉටු කර තිබිණ.

ශ‍්‍රී ලංකාවට තෙවැනි රන්පදකම්ම ලබාදුන් පාරමී වසන්ති මාරිස්ටෙලා බාලිකා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව වි.10 ත.21.54කදී නිමකොට ශ‍්‍රී ලංකා කනිෂ්ට වාර්තාව අලූත් කරන්නට සමත් වූවාය.

ජපාන තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ රුණ දර්ශන, පසිඳු කොඩිකාර, පබසර නිතූ, රවිෂ්ක ඉන්ද්‍රජිත්, හර්ෂ කරුණාරත්න, තරිඳු දසුන් (බාලක*

ආශා ද සිල්වා, දිල්ෂි කුමාරසංහ, පාරමී වසන්ති මාරිස්ටෙලා, සචිනි දිව්‍යාංජලී, රුමේෂ් අත්තිඩිය, සඳුමිණි බණ්ඩාර, රිද්මා නිෂාධි

කටුනායක ගුවන් තොටුපලේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පිළිගත් මොහොත.
සීවලී එදිරිවීර