ෆේස්බුක් සහ වට්ස් ඇප් ඔස්සේ යැවූ වැරදි ප්‍රචාර හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ගමක් එක්ව ඝාතනය කළ පුවතක් ඊසානදිග ඉන්දියාවේ අසාම් රාජ්‍යයෙන් වාර්තා වෙනවා.

එහි ගම්මානයක නිරන්තරයෙන් සිදුවන ළමුන් පැහරගැනීමේ සිද්ධීන් අළලා පැහරගන්නන් විසින් ඉහත සමාජ ජාල ඔස්සෙ වැරදි ප්‍රචාර පතුරුවා තිබෙනවා.

එවැනි අවස්ථාවක එම ගම්මානයට සංචාරය සඳහා කළු පැහැ ජිප් රථයකින් පැමිණි පිරිසකට ගම්මුන් පහර දී එහි තරුණයන් දෙදෙනෙකුට මියෙනතුරු පහර දී තිබෙනවා.

ගම්වාසීන් සිතා ඇත්තේ සමාජ ජාලයේ පැතිර තිබූ පරිදි මෙම වාහනයෙන් ළමුන් රැගෙන යන බවයි.

පොලීසිය එම ස්ථානයට එනවිටත් තරුණයන් දෙදෙනා මියගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාව පුරා සමාජ ජාලවල පැතිරෙන දූෂමාන ආරංචි හේතුවෙන් මෙවැනි මරණ බොහෝ වාර්තා වන බව එරට වාර්තා සඳහන් කළා.