කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිට වෙඩි තැබූ සැකකරුවන් තිදෙනා ආ බව කියන ජිප් රථයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රි 10.50ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තවත් හිමිනමක තුවාල ලබා හම්බන්තොට රෝහල්ගත කර ඇත.

සැකකරුවන් පිළිබඳ හෙලිදරව් වී ඇති බවත් සාර්ථක තොරතුරු ගණනාවක් ඔස්සේ ඔවුන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පැවසීය.