තැපැල් සේවක  වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ 2කට අධික ලිපි තොගයක් ගොඩ ගැසී ඇතැයි, තැපැල් වෘතීය සමිති එකමුතුව සඳහන් කරයි.
දිවයින පුරා සියලු තැපැල් සේවකයින් මෙම වැඩවර්ජනයට එක්ව සිටින  බවද   එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසී ය.
තැපැල් වෘත්තිය සමිති එකමුතුව ඊයේ පස්වරුව 4 සිට සේවක අයිතීන්ට අදාළ ඉල්ලීම්නි කිහිපයක්මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කළහ.
මේ සම්බන්ධයෙන් කල විමසුමකදී තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසුවේ, සේවක ගැටලු සඳහා විසඳුම් සහිත කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බවයි.

වර්ජනය ක්‍රියාත්මක කාල සීමාවේ ඇති විය හැකි බාධාවන් අවම කිරීම සඳහා නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු සියලු නිලධාරීන් වෙත උපදෙස් පත්‍රිකා නිකුත් කර ඇති බව ද තැපැල්පතිවරයා පැවසී ය.

පැතුම් වික්‍රමරත්න