සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයට සාකච්ඡවට පැමිණෙන්නැයි කියා කොළඹ නාගරික රථවාහන පොලීසියේ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා අසාධාරණ ලෙස දෝෂාරෝපණය කළ බව එම සංගමය පවසයි.

සාකච්ඡව කැඳවා තිබුණේ ඉහත සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද ලිපියක ප‍්‍රතිඵලයක් ලෙසයි.

පොලීසියේ කි‍්‍රයාකලාපය හේතුවෙන් යතුරුපැදිකරුවන් මුහුණපාන ගැටලූ පිළිබඳ සමඟ සාකච්ඡුා කිරීම සඳහා මෙම කැඳවීම කර තිබුණි.

දැනුම්දීමට අනුව එම සංගමය සාකච්ඡව අද එහි ගිය අවස්ථාවේදී එම සංගමය විසින් සයිලන්සර් ශබ්ද සීමාවක් ගෙන ආ යුතු බවට යෝජනා කර ඇත.

එ් සඳහා පවතින නීතිය අසාධාරණ බැවින් සෑම රටකම පවතින නීතියට සමාන්තර ශබ්ද සීමාව යොදවන ලෙස සංගමය ඉල්ලා ඇත.

එහෙත් අධ්‍යක්ෂවරයා එම සංගමයට බැනවැදී ඇතතේ ‘සංගමයක් අටවාගත්තා කියලා ඔහේලට නීතිය වෙනස් කරන්න බෑ. කටවහගෙන ඉන්න’ යනුවෙනි.

පොලීසිය – බයික් එකේ කෑලි හයිකරගෙන පදින එවුන් ඔක්කොම රස්තියාදුකාරයෝ, කුඩුකාරයෝ.
සංගමය – කොහොමද එහෙම කියන්නේ. එ් හැමෝම රස්තියාදුකාරයෝ කියලා මනින්නේ කොහොමද?
පොලීසිය – අපි ළඟ සාක්ෂි තියෙනවා.
සංගමය – එහෙනම් ඉදිරිපත් කරලා පෙන්නන්න. අනික අපි මේක ඉදිරිපත් කළේ ප‍්‍රවාහන, නීතිය හා සාමය අමාත්‍යාංශයවලින්. පොලීසියෙන් නීති කි‍්‍රයාත්මක කරන්න එපා කියලා අපි කියන්නේ නෑ. එතකොට ලැම්බෝගිනිවල ශබ්ද සීමාවට නීතියක් කි‍්‍රයාත්මක වෙන්නේ නැත්තේ මොකද? ඇයි බයික්වලට විතරක්.
පොලීසිය – අසමානතාවක් තියෙනවා. එ්කෙන් අපිට වැඩක් නෑ. එ්ත් ඔයාලාගේ වැඬේ කටවහගෙන ඉන්න එකයි.