කටාර් සිට ගුවන් මගින් මෙරටට පැමිණි කල්මුණේ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු ළඟ තිබියදී රු. ලක්ෂ 17කට අධික වටිනාකමකින් යුතු රන් බිස්කට් 5ක් කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රේගුවට භාණ්ඩ ප‍්‍රකාශ කිරීමට නොමැති ග‍්‍රීන් චැනලය ඔස්සේ පිටව යාමට උත්සහ කිරීමේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ළඟ තිබී අත්අඩංගුවට ගත් රන් බිස්කට්වල වටිනාකම 17,50,000ක් බව රේගු නිලධාරීහු පැවැසූහ.

සාලිය කුමාර ගුණසේකර