රජයේ රූපවාහිනී නාළිකාවක නිවේදන කටයුතු හොබවන මහේෂ් නිශ්ශංක මහතා කඩවත පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වත්තල, එඩේරමුල්ල ප‍්‍රදෙශයේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවකුට පිහියකින් ඇන තුවාල සිදුකළ බවට වන චෝදනාවකට සැකපිට ය.

දෙදෙනා අතර වූ ගැටුමක් දුරදිග ගොස් මෙම පිහිඇනුම සිදුව තිබේ.