ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට පෙර බ‍්‍රසීලය සහභාගි වූ සිය අවසන් පහුණු තරගයෙන් ඔස්ටි‍්‍රයාව හමුවේ ගෝල 3-0ක් වශයෙන් පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ගේ‍්‍රබියල් ජේසුන් 36 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කරමින් ජයග‍්‍රාහී මාවතට පිවිසි අතර 63 වැනි මිනිත්තුවේදී සහ 69 වැනි මිනිත්තුවේදී නේමාර්, පිලිප් විසින් ගෝල වාර්තා කළහ.

ඊ ඛාණ්ඩය යටතේ තරග වදින බ‍්‍රසීලය ස්විස්ටර්ලන්තය හමුවේ පළමු තරගයට මුහුණ දෙයි.

ලෝක පාපන්දු කිරුළ වෙනුවෙන් පාපන්දු කණ්ඩායම් මේ වනවිට රුසියාව ද පැමිණ ඇති අතර පෙරහුරු තරගවලට සහභාගි වෙමින් සිටියි.

ප‍්‍රථම තරගය මේ මස 14 වනදා රුසියාව සහ සෞදි අරාබිය අතර පැවැත්වේ.

භක්ති මෙන්ඩිස්