බස් රථයක පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන් කරන ලද ආසනයේ වාඩිවී සිටි වෛද්‍යවරයකු ඊට ගොඩවූ හිමිනමකට ආසනය නොදී සිය දේශපාලන බලපුළුවන්කාරකම් පාවිච්චි කොට බසය පොලීසියට ගෙන ගිය පුවතක් වාර්තා වේ.

සිද්ධීය මෙසේය.

කොලඹ බිබිල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයේ පූජ්‍ය පක්ෂයට වෙන්කර තිබූ ආසනයද මගීන්ගෙන් පිරී පැවැතිණී. බස් රථය වරකාපොළ ප්‍රදේශය වෙත ලගාවෙද්දී බසය නතර කල පසුව සංඝයාවහන්සේලා තුන් නමක් ඊට ගොඩවූයේ බිබිල නගරය වෙත යාමටය.

සංඝයාවහන්සේලාට හිමි ආසනය දීමට එහි වාඩිවී සිටි පිරිසක් කැමැත්ත පලකලද එහි සිටි වෛද්‍ය අධීකාරීවරයෙකු යැයි කියාගත් අයෙකු එය ගණනකට ගත්තේ නැත. ඊට මැදිහත්වූ කොන්දොස්තරවරයා සංඝයාවහන්සේලාට හිමි ආසනය ලබාදෙන ලෙස ඔහුගෙන් කාරුණුක ඉල්ලීමක් කලේ එය සිදුවිය යුත්තක් බව ඒත්තු ගන්වමිනි. එහෙත් ආසනය දීම ප්‍රතික්ෂේප කල හෙතෙම කොන්දොස්තර සමග පැටලුනේ සිය අයිතිවාසිකම් පිළීබදව පවසමිනි.

දෙපිරිස අතර ඇතිවූ කතා බහ බැණ ගැනීමක් දක්වා දුරදිග ගිය අතර එහි සිටි රෝහල් වෛද්‍යඅධීකාරීවරයා ලෙස හදුන්වාගත් පුද්ගලයා සිද්ධියට විරෝධය පාමින් මහනුවර නගරයෙන් බැස ගියේ දැඩි කෝපයකිනි. අනතුරුව හෙතෙම ඒ පිළීබදව සිය දේශපාලන ඥාතියෙකුටද ඒ බව දුරකතනයෙන් දැන්වීමට ක්‍රියා කල අතර දේශපාලකයාගේ අනුහසින් බස් රථයේ ගමනාන්තය වෙනුවට මගීන්ද සමග බස් රථයට මහියංගන පොලීසිය වෙත යාමට සිදුවිය.

මේ හේතුවෙන් බිබිල බලා යාමට පැමිණි මගීහුද දැඩි අපහසුතාවකට පත්වූහ.

අවසානයේ සිද්ධීය සමතයකට පත්කිරීම සදහා මහියංගන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විජේසේකර මහතාටද මැදිහත්වන්නට සිදුවිය.

මහියංගණ – රංජිත් කරුණාවිර