දුම්රිය දෙපාර්තමේන්තුවේ පරවක ධාන යාන්තරිට එක ඉංජිනේරු අංශයේ නිශ්පාදන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය අමාත්යංරශ ලේකම් ජී. එස් විතානගේ මහතාට දැනුම්දී ඇත.

එහි සේවකයින්ගේ, සේවයට පැමිණිමේ හා පිටවීමේ වේලාවන් සම්බන්ධයෙන් මාස කිහිපයක සිට මතු වී ඇති ගැටළුවට නිසි විසඳුමක් ලබා නොදීම නිසා මෙම තත්වය උද්ගතව ඇතැයි පැවසේ.

මේ හේතුවෙන් දුම්රිය යාන්තික අංශයේ පවතින දුම්රිය එන්ජින් ප‍්‍රමාණය 65 සිට 48 දක්වා පහල බැස ඇතැයිද එම සංගමයේ ලේකම් එස්. පී විතානගේ මහතා යොමු කළ ලිපියෙන් දැනුම් දී ඇත.

මේ තත්වය පිළිබඳව අවධානය යොමු නොකර තවත් කාලයක් ගත වුවහොත් ධාවනයට එක් කළ හැකි දුම්රිය එන්ජින් පරඇතිමානය තවත් අඩුවී යා හැකි බවත් දුම්රිය එන්ජින්වල නඩත්තු කටයුතු දෛනිකව සිදු නොවීම මත දුම්රිය ගමන්වාර අවලංගු කිරීම, එන්ජින් අතරමග නතරවීම ආදිය සිදුවිමට ඉඩ ඇතැයි ද සංගමය සදහන් කරයි.

මෙම ගැටළුව විසඳීම සඳහා දුම්රිය නිලධාරීන්ගෙන් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇතත්, නිශ්චිත වේලාවක් නියමකර නිසි විසඳුමක් ලබාදීමට එම කමිටුව අපොහොසත් වී ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය බිඳ වැටී දුම්රිය මගින් අනවශ්‍ය පීඩාවකට ද ලක්විය හැකි තත්ත්වයක් මේ නිසා නිර්මාණය වන බැවින් දෙපාර්තමේන්තුවේ පැවැත්මට අයහපත් නොවන හා සේවකයින් හා වෘත්තීය සමිතිවලට එකඟවිය හැකි නිශ්චිත විසඳුමක් කඩිනමින් ලබාදෙන ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

රන්මලී සෝමසිරි