අමෙරිකාව හා උතුරු කොරියාව අතර වූ ඓතිහාසික සිදුවීම සනිටුහන් කරමින් ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා කිම් ජෝන් උන් ජනාධිපතිවරුන්ගේ හමුව සිංගප්පූරුවේදී සිදුවිය.

අද පෙරවරු 6.00ට පමණ සිදුවූ එම හමුව දීර්ඝ සාකච්ඡුාවක් දක්වා කොටස් වශයෙන් දිවයන ආකාරයන් පෙනී යන අතර එය තවමත් පැවැත්වේ.

මෙම ඓතිහාසික හමුවට එරෙහිව ජනතාවගේ විරෝධතා කිසිවක් නොතිබීම විශේෂත්වයක් බව එරට වාර්තා පවසයි.

ඒ වෙනුවට සාමය මතුකෙරෙන එක්රැුස්වීම් කිහිපයක් පමණක් දක්නට ලැබිණි.

දෙපාර්ශ්වය එක්ව ආහාර ගන්නා මේසය පවා ඉතාම සියුම් ආකාරයෙන් ප‍්‍රවේශම්ව සරසා තිබෙනු දක්නට ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ඔවුන් දෙදෙනාගේ දහවල් භෝජන සංග‍්‍රහය සිංගප්පූරු රජයේ කැමරාවට පමණක් විවෘත විය යුතු බවට ට‍්‍රම්ප් අවධාරණය කර තිබුණි.

මෙම හමුවේදී නායකයන් දෙදෙනා එකිනෙකා ඉදිරියට ඇවිද ආ ආකාරය, අතට අත දුන් ආකාරය හා එම තත්පර කිහිපයේදී ඔවුනොවුන් කෙතරම් සමීප හෝ දුරස්වීදැයි විශ්ලේෂණය කරමින් ඇතැම් අනාවැකිකරුවන් දෙරටේ අනාගත මිත‍්‍රත්වයේ පැවැත්ම පිළිබද අනාවැකි කීමට උත්සහ දැරීම ද මෙහිදී කැපී පෙනේ.

ඔවුන් තෙවරක් අතට අත දුන් බවත් එම අවස්ථාවේදී තෙවරක්ම ට‍්‍රම්ප් පළමුව උන්ට සමීප වූ බවත් දේහ ලක්ෂණ විද්‍යාඥ මනෝජ් වාසුදේවන් පවසා තිබේ.

එහෙත් ට‍්‍රම්ප්ගේ අපේක්ෂා කළ ආකාරයේ මිත‍්‍රශීලී අතට අත දීමක් උතුරු කොරියානු නායකයාගෙන් සිදු නොවූ බව ද ඔහු පවසා ඇත.

අමෙරිකානු සම්ප‍්‍රදාය අනුව නම් ‘ඔබ නැඹුරු වන තරමට ඔබට අත්කර ගත හැකියි’ යන්න අර්ථවත් වන දීර්ඝ ස්පර්ශයක් උන්ගෙන් නම් නොලැබුණු බව වාසුදේවන් සදහන් කර තිබේ.

Capture

tweet-1006386619291717632-2 (1)