දැනට රිමාන්ඞ් භාරයේ සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන මහත්වරුන්ට ඇප ලබාදීමට කිසිදු සුවිශේෂී හේතුවක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණය වෙත අද දැනුම් දී තිබේ.

තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පිසේන යන අය ගොනු කළ ප‍්‍රතිශෝධන ඇප පෙත්සම් අද සළකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා මේ බව අධිකරණයට දන්වා සිටියේ ය.

අදාළ ඇප පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් ඉදිරියේ අද සළකා බැලිණි.

අදැළ ඇප පෙත්සම් ලබන ජුලි 4 වැනිදා යළි සළකා බැලීමට නියමිතය.

ඉෂාර රත්නකාර