මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරයකට පැමිණ සිටින ඉන්දිය හමුදා ප්‍රධානි ජනරාල් බිෆින් රාවට් මහතා පෙරේදා (17) පෙරවරුවේ ගාල්ල නගරයේද සංචාරයක යෙදුනේය. ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානයකින් ගාල්ල සමනල ක්‍රිඩාංගණයට පැමිණි ඒ මහතා ශ්‍රි ලංකා යුධ හමුදාවේ නිලධාරින් විසින් ගෞරවාන්විතව පිළිගන්නා ලදි.

ගාල්ල කොටුවේ වැදගත් ස්ථාන රැසක් ද නැරඹු ඒ මහතා කොටු බැම්මේ උස් ස්ථානයක සිට තරුණයින් පිරිසක් මුහුදට පනින දර්ශණය නැරඹිටද ගියේය. ඒ මහතා එම දර්ශණ අන්තර් ජාලයෙන් දැක තිබු අතර සියැසින්ම දැක ගැනිම සදහා එම ස්ථානයට ගොස් එම තරුණයින් සමගද සුහද කතාබහක යෙදුනේය. ඡායාරුපවලින් දැක්වෙන්නේ ඒ මහතාගේ සංචාරයේ අවස්ථා කිහිපයකි.

හිරු සඳුන් ලියනගේ – හිනිදුම

indian-army-chief (3)indian-army-chief (1)