පසුගිය මාර්තු මාසයේ දි මහනුවර තෙල්දෙනිය දිගන ප‍්‍රදේශයේ දි ඇති සිද්ධින් පිලිබදව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන සිටින මහසොහොන් බලකායේ අමිත් විරසිංහ ඇතුලු සැකකරුවන් අද දින තෙල්දෙනිය මහේස්ත‍්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව මහේස්ත‍්‍රාත් වරයා ඔවුන සැම දෙනාම මෙම මස 28 දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කලා

අමිත් විරිසිංහ දැනට අනුරාධපුර බන්ධනාගාරයේ රදවි සිටින අතර ඒ අනුව ඔහු එම ස්ථානයට හා අනෙකුක් සැකකරුවන් රදවා සිටින ස්ථානවලටම රැගෙන යන ලෙස මහේස්ත‍්‍රාත් එමි එචි ෆරික්ඩින් මහතා නියෝග කර තිබෙනවා

විත්තිය වෙනුවෙන් පෙනි සිටින නිතිඥ චන්න ගලප්පත්තිගේ මහතාගෙන් මෙි පිලිබදව විමසා සිටිමෙි දි ඔහු ප‍්‍රකාශ කලේ මෙම සැකකරුවන්ට ඇප ලබා ගැනිමෙි සදහා දැනටමත් මහාධිකරනයට කරුණු වාර්ථා කර ඇති බවත් ඒ අනුව මහාධිකරනයෙන් ඇප ලබා ගැනිමට ඉදිරියේ දි කටයුතු කරන බවයිි.

හේරත් ඒකනායක – මහනුවර