පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී පක්ෂනායක නීතිඥ උදය ගම්මන්පිල මහතාගෙන් මාධ්‍යවෙදීන්  ඇසු ප්‍රශ්න සදහා ඒ මහතා ලබාදුන් පිලිතුරු.

මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා සහ ගම්පහ මහ නගරසභාවේ නාගරික මන්ත්‍රි නිලන්ත දිල්රුක් මහතාද සහභාගි විය.

ප්‍රශ්නය –  සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල කතා බහ කෙරෙනව. මේ ගැන ඔබ තුමන්ගේ අදහස කුමක් ද?

ලංකාවේ ලොකුම හොර තිප්පලක් බවට පත්වී තිබෙන මහ බැංකුව යටතට සමෘධි බැංකුව පත්කිරීම වක්කඩේ හකුරු හැංගීම වගේ ක්‍රියාවක්.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ගැන ඔබ තුමන්ගේ අදහස කුමක් ද?

ඔවුන් සමග එකතුව වැඩ කිරීමට අප සූදානම්. අපිත් සමග එකතුව වැඩ කිරීමට ඔුවන් සූදානම් බව එම කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන එස් බී දිසානායක මහතා කීප වරක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කලා. අපේ බලාපොරොත්තුවනම් ඔවුන් අපි සමග එකතු කරගෙන කණ්ඩායම ශක්තිමත් කරගෙන අනාගතයේදී  ආණ්ඩුවට තුනේන දෙකක බලයක් ජවිපේ සහයෙන්වත් ගොඩ නගා ගත නොහැකි තත්වයකට පත් කිරීමයි. මොකද ජවිපෙ අත්‍යවශ්‍ය වේලාවේදී ආණ්ඩුවට තුනෙන් දෙක හදා ගැනීමට උදව් කරනවානේ. පළාත් සභා මැතිවරණය කල් දා ගත්තේ එහෙමනේ. එහෙම කරන්නත් බැරිවෙන්න නම් මේ 16 යත් අප ගාවට අරගෙන තවත් 6 දෙනෙක් වත් ආණ්ඩුවෙන් ගැනීම තමයි අපේ උපාය මාර්ගය වෙන්නේ.

2020 ජනපතිවරණය සම්බන්ධයෙන්  ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර යම් ගැටුමක් තියෙනවද?

මුල්න්ම කියන්නට ඕනේ ජනාධිපතිවරනය පැවැත්විය යුත්තේ 2020 නෙමෙයි. චන්ද කල්දාගැනීමේ උවමනාවේන ඉන්න අයයි ඔය 2020 ගැන කතා කරන්නේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මීලග ජනපතිවරණය 2019 ඔක්තෝම්බර් මාසයේ ප්‍රකාෂයට පත්කල යුතුයි. ‍මෛත්‍රීපාල සිරිසේන මහතා ආයෙ ඉල්ලනවා කියලා එතුමන්ගේ හතුරන් කියනවානේ.  මොකද 12 % ඡන්දය ගත්ත ජනාධිපතිතුමන්ව නැවතත් ජනාධිපතිවරණයකට තල්ලු කරලා එතුමන්ව අන්ත පරාජයකට ලක්කරලා අසීරුතාවකට පත්කරල ගෙදර යවන්න උත්සහ කරන්නේ මිතුරෝ නෙවෙයි හතුරෝ. එතුම්නගේ පරම හතුරො දේනනෙක් මේ දිනවල කියාගෙන යනවා අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන්ම තමයි කියලා.  මෙකක් හරි තරහක් ඇති තමන් කැමති අමාත්‍යන්ශය නොදුන්න නිසා.

අපේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමටනම් අපිට කිසි හදිස්සියක් නෑ. මොකද තවමත් ජනාධිපතිවරණයක් ප්‍රකාෂයට පත්කරල නැති නිසා. අපි ඉන්නේ ආප්ප න්‍යායේ. මොකක්ද මේ ආප්ප න්‍යාය කියන්නේ. සද්ද නැතුව ඉදලා ජනපතිවරණය ප්‍රකාශයට පත්කල පසු රමම පුදුම වෙන අපේක්ෂකයා නම් කරනවා. අපි හැබැයි රටට පොරොන්දුවක් දෙනවා, ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ රුසියාවේ වැඩ්මියර් පුටින් දක්වන නිර්භීත භාවයත්, මැලේෂියාවේ මහතීර් මොහොමඩ් දක්වන කළමණාකරනයේ සුවිශේෂී හැකියාවත්,  සිංගප්පුරුවේ ලී ක්වාන් යූ දැක්වු  ධූරදර්ශීබාවයත් කියන මේ සුවිශේෂී ලක්ෂණ තුනම එක්ව තියෙන ලක් ඉතිහාසයේ බිහිකල හැකි සුවිගේෂිම ජනාධිපති අපේක්ෂකයා අපට ඉදිරිපත් කරන්න පුලුවන් .