හික්කඩුව වෑවල ප්රිදේශයේ හෝටලයක් තුළ අන්තර්ජාලය ඔස්සේ (මුහුණු පොත) සම්බන්ධකරගත් තරුණ තරුණීයන් පිරිසක් විසින් පැවැත්වු මත්වතුර සාදයක් හා මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මිටියාගොඩ පොලිසියට ලද තොරතුරක් මත කරන්දේනිය හා බද්දේගම පොලිස් සිථානවල නිලධාරින්ගේ සහය ඇතිව ගාල්ල මෙහෙස්ත්‍රාත් අධිකරණයේන් ලබා ගත් සෝදීසි වරෙන්තුවක් මත වෑවල ප්‍රදේශයේ  හෝටලයක් (13) දා සෝදී කළ බව පොලිසිය පවසයි.

එකී සෝදීසි කිරීමෙදී ගංජා සහ විෂ මත්ද්‍රව්‍ය අඩංගුයැයි සිතිය හැකි ලොලි පොප් 16ක්, ගංජා ග්‍රෑම් 09 ක්,කොකේන් මිලි ග්‍රෑම් 50 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙකු හා සැකකාරියන් තිදෙනෙකු ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. තවත් 12 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසි ඇපමත මුදා හැරි බව පොලිසිය පවසයි. සැකකරුවන් හා සැකකාරියන් 07 දෙනා වැඩිදුර විමර්ශණ සදහා හික්කඩුව පොලිසිය ඉදිරිපත් කර ඇත.

මෙම සැකකරුවන් හා සැකකාරියන් වලහන්දුව, රජ්ගම, මග්ගොම, උස්වැටකෙයියාව, පානදුර, ගනේමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
අනුර ප්‍රියන්ත -අක්මීමන