මුහුණු පොතේ  ගිනුම් වෙත ඇතුලු වී අන් අයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් ලබාගැනීමේ යෙදී සිටි බව කියන පුද්ගලයකු පොලොන්නරුව  කොට්ඨාස අපරාධ  විමර්ශන අංශය මගින් ඉකුත් 9 දා  පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිට කියන්න විද්‍යුත් තැපැල් ඒකකයවෙත ලැබුන තොරතුරක් මත ඒ සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ  කඹුරාපොල මූනමල්දෙනියේ පදිංචි වයස අවුරුදු දහනවයක තරුණයෙකි.  සැකකරු වෙනත් පුද්ගලයින්ගේ මුහුනුපොත් ගිණුම් වලට සූක්ෂම ලෙස ඇතුලුවී එම පුද්ගලයන්ගේ  මිතුරන්හට මුහුණුපොතේ හිමිකරු ලෙස පෙනීසිට මුදල් ඉල්ලා ඊෂි කෑෂ් මගින් මුදල් ලබාගෙන ඇතියි පොලිස් පරීක්ෂණ වලදී අණාවරණය වී තිබේ.

සැකකරු ඊයේ (10) මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය  සිද්ධිය සම්බන්දයෙන් පොලෙන්නරුව පොලීසිය වැඩිදුර පරීක්ෂන පවත්වති.

ගාල්ල සමන් කළුආරච්චි, ලලිත් කම්කානම්ගේ