කොග්ගල වෑ දූව  ආරන්‍ය සේනාසනය වෙත හීල් දානය රැගෙන යමින් සිටි වෑන් රථයක් ගාල්ලේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් අද (11) උදෑසන 5.30 ට පමන  අනතුරට ලක්ව ඇත.

මෙම වෑන් රථයේ රියැදුරු සහ ඔහුගේ සොයොයුරියක් ගමන් කරමින් සිට ඇති අතර  කොග්ගල ගුවන් හමුදා කඳවුර  අසලින් වෑ දූව ආරන්ය සේනාසනය දෙසට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී වෑන් රථය දුම්රියේ ගැටී ඇති අතර වෑන් රථය දුම්රිය මගින් ඉවතට තල්ලු වී ගොස් ඇත.

අනතුර සිදුවන අවස්තාවේ දුම්රිය ගේට්ටුව වසා තිබී නැති අතර  දුම්රියේ වැදුන් වෑන් රථයට දැඩි හානි සිදුව ඇතත් එහි ගමන් ගත් දෙදෙනාට හානි සිදුව නැත.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය පරීක්ෂන පවත්වයි.

02 03