භෞමික අඛන්ඩතාවය හා ස්වෙරීත්වය අරමුනුකොට රට දැය වෙනුවෙන් අභීතව සටන්වැද දිවිපූජාකළ රණවිරුවන් සිහිකර රණවිරු සේවා අධිකාරිය හා උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලය එක්ව සංවිධානය කරන පළාත් රණවිරු උපහාර උත්සවය අභිමානවත් අයුරින් අද (11) පෙරවරුවේදී අනුරාධපුර රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වින.

ත්‍රිවිධ හමුදාව,පොළිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඉදිරිපත්කළ රණවිරු උපහාර ආචාර පෙළපාළියෙන් පසුව සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නර්තන කණ්ඩායම විසින් රණබෙර වාදනයෙන් පසුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ කෙරුනු අතර උතුරුමැද පළාත් ආණ්ඩුකාර ඇම්.පී.ජයසිංහ මහතා විසින් ප්‍රථමයෙන්ම රණවිරු ස්මාරකය වෙත මල්කළඹක් තබා උපහාර දැක්වින. ඉන් අනතුරුව රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී උපුලාංගනී මාලගමුව ඇතුලු ආරාධිත අමුත්තන් විසින් මල්කළඹ තැන්පත්කිරීමෙන් අනතුරුව මියගිය රණවිරුවන්ගේ දෙමාපියන් දුවා දරුවන් ඇතුලු ඥාතීන් විසින් ස්මාරකය අභියස මල්කළඹ තැන්පත්කර උපහාර දැක්වින.

මෙම අවස්ථාවටඋතුරුමැද පළාත්සභාවේ සභාපති වෛද්‍ය ඩී.එම්.අමරතුංග, අනුරාධපුර මහනගර සභාවේ පුරපති එච්.පී.සෝමදාස, දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක ඇතුලු රාජ්‍ය නිළධාරීන් රැසක් සමග ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් සමග රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.

උපුල් තම්මිට –  අනුරාධපුර  

4

7

 

SHARE

2 COMMENTS

  1. තමන්ගේ වටිනා ජිවිත පුජාකරමින් , තම ශරීර අවයව නැතිකර ගනිමින් මාතෘ බුමිය වෙනුවෙන් අපගේ විරෝධාර රණවිරුවන් කල අබීත මෙහෙය වෙනුවන් ලක්මවගේ සියලුම දු දරුවන් ඔබලාට සදා ණයගැති වන අතර ඔබලාගේ නම් සදා අමරණිය වන්නේය.එමෙන්ම ඔබලාව මෙලොවට බිහිකළ ආදරණිය දෙමවුපින්ටත් , ආදරණිය බිරින්දවරුන්ටත් ඔබල විසින් කල කැපකිරීම් වෙනුවෙන් අප සදා ණයගැතිය. “කිසිවකුහට රන් අකුරෙන් ලියවිඇති ඔබලාගේ නම්” කිසිදින මැකිය නොහැක. අදදිනත් ලක්මවගේ පුරවැසියන් සියලු දෙනාම මෙසේ එකිනෙකාට දොස් නගමින් ඇනකොටගන්නෙත්, ඔබලා විසින් ජිවිත පුජාවෙන් අපගේ රට බේරාගත් නිසා බවත් සදහන් කිරීමට කැමැත්තෙමු. විශේෂයෙන් දේශපාලන පරබල්ලන් වැඩිදෙනෙකු ඔබලාව ඉක්මනින්ම අමතකවීම අප අවංකවම කනගාටු වන්නෙමු.

  2. YAHAPALANA OBALA RATA NIDAHAS KARAGANNA KARAPU
    PARITHAYAGA AMATAHAKA WELA. RATA WENUWEN DIVI PUDAPU OBALATA NIVAN SUVA PATAHAMI.
    ABADITHA SAHA SIYALU RANAVIRUWANTA THERUVAN SARANAI.

LEAVE A REPLY

Previous articleමිනීමැරුවොත් කස පහර විසිදාහයි
Next articleහීල් දානය රැගෙන යමින් සිටි වෑන් රථයක් කොග්ගල දී දුම්රියක ගැටී අනතුරට