රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට කලකට පසු නව මෝටර් රථයක් ලැබී තිබේ.

සිව්වැනි වරටත් රුසියානු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ව්ලැද්මීර් පුටින් එ් සඳහා පැමිණ තිබුණේ ද මෙම නව මෝටර් රථයෙනි.

ඔහු වෙනුවෙන්ම සැකසූ මෙම රථය රුසියාවේම නිෂ්පාදිත ලිමෝසීන් වර්ගයේ මෝටර් රථයකි.

මීට පෙර ජර්මනියේ නිෂ්පාදිත වාහන නිල වාහන ලෙස යොදාගත් පුටින්ට නව නිෂ්පාදනය වෙනස් අත්දැකීමක් වනු ඇතැයි ඇතැමුන්ගේ මතයයි.

සිව්වරක් ජනාධිපති ධුරය දැරුව ද පුටින් එකම වාහනයක් දීර්ඝ කාලයක් භාවිත කරන අයෙකු ලෙස ප‍්‍රකටය.

දිවුරුම් දීම සඳහා පුටින් නව මෝටර් රථයෙන් කෙටි දුරක් පමණක් ගොස් ඇත්තේ කාර්යාලයේ සිට කි‍්‍රම්ලිනය දක්වායි.

1990 තෙක් සෝවියට් නායකයන් දේශීය නිෂ්පාදිත මෝටර් රථ නිල වාහන ලෙස භාවිත කළ ද එම වර්ෂයෙන් පසු භාවිත කෙරුණේ මර්සිඞීස් මෝටර් රථයි.

මෙම වාහනය පුටින් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දක් බව එම සමාගම පවසා තිබේ.

මෝටර් රථයෙහි අංගෝපාංග හා හැකියාවන් රහසිගත නමුත් අවම වශයෙන් පෝර්ෂේ වී8 වී12 වාහනවල එන්ජින් ධාරිතාවට වඩා වැඩි එනම් අශ්ව බල 598 පමණ සහිත එන්ජිමක් ඇති බව සැළකේ.

1525716119835 car 2 car putin's car