Untitled-3නාගරීකරණය කියන්නේ අලූ‍ත් වචනයක් නෙමෙයි. කාර්මික විප්ලවයත් එක්ක කර්මාන්තශාලා සහ ඒ අවට බිහිවුණ වාණිජ පුනරුදයත් එක්ක මිනිස්සු ඇවිත් ඒ ප‍්‍රදේශය පුරා පදිංචි වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඒ අයට ජීවත් වෙන්න නිවාස යෝජනාක‍්‍රම, ළමයින්ට පාසල්, බඩු බාහිරාදිය මිලදී ගන්න තැන්, වැඩිපුර යානවාහන සහ ක‍්‍රමවත් පාරවල් හැදෙනවා. සුළු ප‍්‍රජාවක් ජීවත් වන ගමකට වඩා නගරය සංකීර්ණ වන්නේ විවිධ අවශ්‍යතා සහිත විශාල පිරිසක් පොඩි ඉඩ ප‍්‍රමාණයක ජීවත්වෙන නිසා. මේ හැමෝටම සුව පහසුවෙන් සහ ආරක්ෂිතව ජීවත්වෙන්න වටපිටාවක් හදන එක තමයි ‘නාගරීකරණයේ’ අභියෝගය. ඉස්සර අපි නගර කිව්වේ කොළඹට. හැබැයි අද අනුරාධපුරයත් නගරයක්. යාපනයත් නගරයක්.

මේ ලිපි පෙළේ මූලික පරමාර්ථය නාගරික සංවර්ධනය තිරසාර කෝණයකින් බලන එක. ඒ ස`දහා උදාහරණය ලෙස වැඩිපුර භාවිතා කරන්න ඉඩ තිබෙන්නේ මම දන්න කියන කොළඹ නගරය.

කොළඹ කියන්නේ ලංකාවේ වැදගත්ම නගරය. මෙතන තමයි අපේ රටේ ආර්ථික කේන්ද්‍රය. ලෝකය පුරා මිනිස්සු දන්නේ කොළඹ ගැන. කොළඹ කියන්නේ මේ රටේ සියලූ‍ම දෙනාගේ තැන. දුප්පත්ම පැල්පත් තිබෙන්නේත් කොළඹ. පොහොසත්ම මන්දිර තිබෙන්නේත් කොළඹ. කැලණි පාලම යට ජීවත් වෙන මනුස්සයත්, උසම තට්ටු නිවාසයේ උඩම නිවසේ ජීවත් වෙන මිනිහත් ගන්නේ එකම කොළඹ හුස්ම. කොටුවේ පාර අයිනේ වෙළෙන්දාගේ ඉඳලා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ධනවත්ම ව්‍යාපාරිකයා දක්වා සිංහල-දෙමළ-මුස්ලිම්-බර්ගර් මිනිස්සු සිය වෙළෙඳාම් කරන්නේ කොළඹ. පාන්දර කෝච්චියේ, බස් එකේ, බයිසිකලයේ, ත‍්‍රී වීල් එකේ, මෝටර්බයික් එකේ, කාර් එකේ, වෑන් එකේ නැගලා හැමදාම රාජකාරියට, රස්සාවට, ස්වයං රැුකියාවට එන්නෙත් කොළඹට.

කොළඹ හදන්න  ඕනේ තවත් සිංගප්පුරුවක් කරන්නවත්, ඇමරිකාව හෝ චීනය හෝ වගේ කරන්නවත් නොවෙයි. ඒ රටවල් සහ ඒවායේ නගර අපිට හාත්පසින්ම වෙනස්. අපි අපේ කොළඹ හදාගන්න  ඕනේ අපේ රටට ගැළපෙන විදිහට. අපිට හැමදාම වැරදුනේ අපි අනෙක් රටවල් ගෙඩි පිටින් අනුකරණය කරන්න ගිහිල්ලා. අපි තේරුම් ගන්න  ඕනේ අපේ ශක්තීන් සහ දුර්වලතාවන් මොනවාද කියලා. අපේ ශක්තිය තුළින්, අපිට ගැළපෙන, අනාගත ලෝකයට ගැළපෙන විදිහට කොළඹ හදන්න අපි දක්ෂ වෙන්න  ඕන.

තිර කියන්නේ ස්ථිර. සාර කියන්නේ සාර්ථක. ඒ කියන්නේ අනාගතයේ තවත් වසර සිය ගණනක් පවතින සාර්ථක නගරයක්! ඔබට සතුටින් ජිවත් විය හැකි, ඔබේ දරුවාටත්, දරුවාගේ දරුවාටත් ඉන් එහා පරම්පරාවලටත් ඒ වගේම සතුටින් ජීවත් විය හැකි නගරයක් තමයි තිරසාර නගරයක් කියන්නේ.

‘තිරසාරබව’ කියන්නේ ලංකාවේ අපිට අලූ‍ත් සංකල්පයක් නෙමෙයි. අවුරුදු 2500 ටත් වඩා වැඩි කාලයක් පවතින්න අපේ වාරිමාර්ග නිර්මාණය කරලා තිබෙන විදිහ, හැම කන්නයකම උසස්ම පලදාව ලැබෙන විදියට කෘෂි භෝග වගාකරන ආකාරය, ස්වාභාවික ආපදා අවම වන ආකාරයට ජනපද නිර්මාණය කරන විදිහ, දරුණුම ලෙඩවලටත් පරිසරයෙන් බෙහෙත් නිර්මාණය කරන හෙළ ආයුර්වේද වෙදකම වගේ මිනිස්සුත්, පරිසරයත්, ගහකොළත් රැුකෙන විදියට සමාජ ආර්ථික සහ දේශපාලන ප‍්‍රශ්නවලට පිළිතුරු හොයපු එක තමයි තිරසාර සංවර්ධනය කියන්නේ. ගමයි පන්සලයි වැවයි දාගැබයි තරම් තිරසාර පැවැත්ම වෙනුවෙන් රටක සංස්කෘතිය දායක වූ ආකාරය පෙන්වන මනරම් උදාහරණයක් ලෝකයේ වෙන කොහේවත් නැතුව ඇති. අනුරාධපුරය, පොලොන්නරුව, දඹදෙණිය වගේම කන්ද උඩරට රාජධානිත් පරිසරය රැුකගනිමින් තමා ජනපදකරණයට ලක්වෙලා තිබුණේ.

අවසාන වශයෙන් මම අවධානය යොමු කරන්නේ තිරසාර නගරයක් වෙනුවෙන් අත්‍යවශ්‍යම පියවරවල් 10, කෙටියෙන් සහ සරලව.

1. දේශගුණික විපර්යාස, ස්වභාවික ආපදා, ත‍්‍රස්තවාදී ආක‍්‍රමණ සහ ලෝක ආර්ථික අවපාතනවලට සාර්ථකව මුහුණ දිය හැකි නගරයක්.
2. විස දුම් වෙනුවට පිරිසිදු වාතය හුස්ම ගත හැකි, හැම අතින්ම පිරිසිදු නගරයක්.
3. පැය ගණන් පාරේ කාලය නාස්ති නොකර තම රැුකියාව, ව්‍යාපාරය, අධ්‍යාපනය කරගත හැකි ප‍්‍රවාහන පද්ධතියක් ඇති නගරයක්.
4. බිඳවැටීම් නැති ස්ථාවර පුනර්ජනනීය විදුලි සැපයුමක් ඇති නගරයක්.
5. මිනිස් වාසයට සුදුසු අනාගතයේත් ජීවත් විය හැකි විධිමත් නිවාස, ගොඩනැගිලි සහ මාර්ග සැලසුම් කරන නගරයක්.
6. කුණු-කසළ නිසි ලෙස ප‍්‍රතිචක‍්‍රීකරණය කරන නගරයක්.
7. ගස්-වැල්වලින් පිරුණු සුන්දර සිසිල් හරිත නගරයක්.
8. වස-විස නැති පෝෂ්‍යදායී ආහාර පහසුවෙන් ලබා ගත හැකි නගරයක්.
9. ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරගත හැකි, තොරතුරු තාක්ෂණය භාවිතයෙන් නගර සභාවේ සේවාවන් පහසු කරන නගරයක්.
10. විදේශීය ව්‍යාපාරිකයන් ඔවුන්ගේ නවීන ව්‍යාපාර ආයතන ආරම්භ කරන්න කැමති වංචා-¥ෂණ නැති  නගරයක්.
මේ කාරණා සියල්ලම වගේ ලංකාවේ හැම නගරයකටම පොදු කාරණා. අපිට මේ ගැන දැනුමක් නැතුව නෙමෙයි.

අවශ්‍යවෙලා තිබෙන්නේ අලූ‍තින් හිතන එක සහ අලූ‍ත් ක‍්‍රියාමාර්ග ටිකක් ගන්න එක. නවෝත්පාදනවලට ඉඩදෙන එක. විශේෂයෙන්ම මේ දර්ශනය තේරෙන දේශපාලන නායකත්වයක් පත්කර ගන්න එක. මේ එකින් එක ඉදිරි සතිවලදී විස්තරාත්මකව සාකච්ඡුා කරමු.

මිලින්ද රාජපක්ෂ