1. කතානායකතුමා
2. අග‍්‍රාමාත්‍යතුමා
3. විපක්ෂ නායකතුමා
4. පාර්ලිමේන්තුවේ මහලේකම් (පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී කතානායකතුමා උස් පීඨිකාවේ ඇති සිය අසුනින් ඉවත්ව පාර්ලිමේන්තු මහලේකම්ගේ ආසනයේ අසුන් ගනී.)
5. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්
6. පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්
7. පාර්ලිමේන්තු සභා මේසය
8. සෙංකෝලය (පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ”මේසයට පහළින්” සෙංකෝලය තබනු ලැබේ.)
9. ආණ්ඩු පක්ෂයේ ආසන
10. විපක්ෂයේ ආසන (ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීන් ගණන ආණ්ඩු පක්ෂය පැත්තේ ඇති ආසන ගණනට වඩා වැඩි වූ විටදී, එම අතිරික්ත ප‍්‍රමාණයට විපක්ෂයේ ඉදිරිපෙළ හැර ආසන පනවනු ලැබේ.)
11. සභා ගර්භ සීමාව
12. වේත‍්‍රධාරී
13. නියෝජ්‍ය වේත‍්‍රධාරී
14. හැන්සාඞ් නිලධාරීන්
15. පාර්ලිමේන්තු නිලධාරීන්
16. පුවත්පත් ගැලරිය
17. ගැලරිය 1 (මහජනයා සඳහා)
18. ගැලරිය 2 (මහජනයා සඳහා)
19. ගැලරිය 3 (මහජනයා සඳහා)
20. කතානායක ගැලරිය (මෙය සම්භාවනීය අමුත්තන් සඳහා වෙන්කර ඇත.)

අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය එළැඹෙන මැයි අටවැනිදා උත්සවශී‍්‍රයෙන් ආරම්භ කිරීමට සියලූ කටයුතු සූදානම් වෙමින් තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු පිරිසක් විපක්ෂයට එක්වීමත් නව අමාත්‍යවරුන්ගේ පත්වීමත් නිසා පාර්ලිමේන්තුවේ බොහෝ මන්තී‍්‍රවරුන්ගේ මෙතෙක් සිටි ආසන වෙනස්ව තිබේ.
මේ නිසා නව සභාවාරයේ කටයුතු ආරම්භ කිරීමට පෙර මන්තී‍්‍රවරුන් සදහා අසුන් පැනවීමට සිදුවේ. එම භාරධූර කටයුත්ත පැවරී ඇත්තේ වේත‍්‍රධාරීවරයාටයි. ඇමැති ධුර හිමිවීම හා ජ්‍යෙෂ්ඨත්වය අනුවත්, විපක්ෂයට එක්වීම අනුවත් ආසන වෙන් කිරීමේ කටයුතු මේ වන විට සිදුව තිබේ.

එ් අනුව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරය හිමිවූ විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ දෙවැනි පේළියේ 32 වැනි ආසනයට පැමිණෙයි. මීට පෙර බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටි එ් මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරයකු ලෙස කටයුතු කරමින් සිටියේය. මෙවර කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනය හේතුවෙන් එ් මහතා නැවතත් ආණ්ඩු පක්ෂයේ දෙවැනි පෙළ ඇමැතිවරයකු වෙයි.

paliment-seats

එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සිට පසුගිය මැතිවරණ සමයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්ව ආණ්ඩුව හා සම්බන්ධ වූ වීරකුමාර දිසානයක මහතාටත් මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිව තිබේ. අමාත්‍ය ධුරයක් හිමිවීම හේතුවෙන් වීරකුමාර දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ පෙදෙසේ 64 වැනි ආසනයට පැමිණෙයි. මේ නිසා ආණ්ඩු පක්ෂය පෙදෙසේ 64 වැනි ආසනයේ සිටින මන්තී‍්‍රවරයාගේ සිට අනෙක් මන්තී‍්‍රවරුන් සියලූ දෙනාට එක් ආසනයක් පසුපසට යාමට සිදුවෙයි. මෙතෙක් 64 වැනි ආසනයේ සිටි මන්තී‍්‍රවරයා 65 වැනි ආසනයටත් ආදී වශයෙන් එම මන්තී‍්‍රවරුන්ට එක් ආසනයක් පසුපසට යාමට සිදුව තිබේ.

ආණ්ඩුවට සහාය දෙමින් අමාත්‍ය ධුර හොබවමින් සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් 16 ක් විපක්ෂයට එක්වන බව කතානායකවරයාට ලිඛිතව දන්වා ඇත. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එ්කාබද්ධ විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡුන්දය දීමෙන් පසුව තවදුරටත් ආණ්ඩු පක්ෂය සමග කටයුතු කිරීම මෙම මන්තී‍්‍රවරුන් විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටින බවට එම මන්තී‍්‍රවරුන් 16 දෙනා කර ඇති දැනුම්දීම අනුව ඔවුන්ට විපක්ෂයේ අසුන් පනවන ලෙස කතානායක කරු ජයසූරිය මහතා විසින් වේත‍්‍රධාරීවරයාට දැනුම් දී තිබේ.

මෙම මන්තී‍්‍රවරුන් ස`දහා විපක්ෂයේ 17, 18, 19, 20 අසුන් හතර සහ එ් පසුපස ආසන පෙළ විපක්ෂයට එක්වන නව මන්තී‍්‍ර කණ්ඩායම ස`දහා වෙන් කර ඇත. මෙතෙක් කලක් එ්කාබද්ධ විපක්ෂයට හිමිව තිබූ මේ ආසන විපක්ෂයේ නව මන්තී‍්‍ර කණ්ඩායමට හිමිවීම නිසා එම අසුන්වල සිටින සී.බී. රත්නායක, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ මන්තී‍්‍රවරුන්ට පසුපෙළ ආසනවලට යාමට සිදුව තිබේ. එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ නායක විමල් වීරවංශ මහතාට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාට එ්කාබද්ධ විපක්ෂයට හිමිව තිබූ ආසනවලින් ඉදිරිපෙළ අසුන් හිමිව තිබුණේ එ්කාබද්ධ විපක්ෂය ගත් තීරණයකට අනුවයි. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව විපක්ෂයට එක්වන නව කණ්ඩායමට අසුන් පිරිනැමීමත් සමග එම මන්තී‍්‍රවරුන්ට පසුපෙළට යාමට සිදුවෙයි. මේ සම්බන්ධයෙන් එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් අතර සාකච්ඡුාවකින් තීරණ ගැනීමේ අයිතිය එ්කාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට පිරිනැමීමට තීරණය කර ඇත.

එ්කාබද්ධ විපක්ෂයට හිමි ඉදිරි පෙළ 9 වැනි ආසනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇති අතර එතැන් සිට නවවැනි ආසනය හිමි ජනක බණ්ඩාර තෙන්නකෝන් මන්තී‍්‍රවරයා දක්වා ආසනවල කිසිදු වෙනසක් සිදුනොවෙයි.
විපක්ෂයට එක්වන නව මන්තී‍්‍රවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතාවය අනුව ඉදිරි පෙළ 17 වැනි ආසනයට එස්. බී. දිසානායක මහතාත්, 18 වැනි ආසනයට ජෝන් සෙනවිරත්න මහතාත්, 19 වැනි ආසනයට සුමේධා ජී. ජයසේන මහත්මියත්, 20 වැනි ආසනයට අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාත් පැමිණේ. එම ආසන පෙළට පිටුපසින් ඇති දෙවන පෙළේ 37 වැනි ආසනය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාටත්, 38 වැනි ආසනය ඩිලාන් පෙරේරා මහතාටත්, 39 වැනි ආසනය ටී. බී. එ්කනායක මහතාටත්, 40 වැනි ආසනය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාටත් හිමිවෙයි.

තුන්වැනි පෙළේ 57 වැනි ආසනය චන්දිම වීරක්කොඩි මහතාටත්, 58 වැනි ආසනය දයාසිරි ජයසේකර මහතාටත්, 59 වැනි ආසනය සුසන්ත පුංචිනිලමේ මහතාටත්, 60 වැනි ආසනය හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාටත් හිමිව තිබේ. හතරවැනි පේළියේ 77 වැනි ආසනය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියටත්, 78 වැනි ආසනය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාටත්, 79 වැනි ආසනය තාරානාත් බස්නායක මහතාටත්, 80 වැනි ආසනය අනුරාධ ජයරත්න මහතාටත් හිමිව තිබේ.

වත්මන් රජය පිහිටුවන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ ආසන සංඛ්‍යාවට වඩා වැඩි මන්තී‍්‍ර ධුර සංඛ්‍යාවක් ආණ්ඩු පක්ෂයට හිමිවීම නිසා විපක්ෂයේ පිටුපස ආසන එම මන්තී‍්‍රවරුන්ට වෙන් කර තිබුණි. ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් 16ක් විපක්ෂයට එක්වීමත් සමග මෙතෙක් විපක්ෂයේ පසුපෙළ වාඩි වී සිටි මන්තී‍්‍රවරුන් 16 දෙනකුට තමන් නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ පෙදෙසේ ආසන වෙත යාමේ අවස්ථාව හිමිවී ඇත. නමුත් ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු 13ට තවදුරටත් විපක්ෂයේ පසුපෙළ අසුන්වල සිටීමට සිදුවෙයි. එ් හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, ඉෂාක් රහුමාන්, ආශු මාරසිංහ, චමින්ද විජේසිරි, රෝහිණී කුමාරි, තුසිතා විජේමාන්න, ජයම්පති වික‍්‍රමරත්න, හේෂා විතානගේ, සන්දීප් සමරසිංහ, චතුර සේනාරත්න, විජේපාල හෙට්ටිආරච්චි, මොහොමදු නසීර් යන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ආණ්ඩ පක්ෂ මන්තී‍්‍රවරු විපක්ෂය පෙදෙසින්ම අසුන් ගනිති.

මෙතෙක් නියෝජ්‍ය කතානායක ධුරය හෙබවූ තිලංග සුමතිපාල මහතාද මේ වන විට විපක්ෂයේ අසුන් ගන්නා බව ප‍්‍රකාශ කර ඇත. මේ නිසා නව සභාවාරය ආරම්භ වන්නේ නියෝජ්‍ය කතානායක ධුරය හිස්ව පවතින අවස්ථාවකයි. නියෝජ්‍ය කතානායකවරයාට වෙන්කර ඇති ආණ්ඩු පක්ෂය පෙදෙසේ අසුන එදින හිස්ව තිබෙනු ඇත. එසේම නව සභාවාරයක් ආරම්භ කරමින් ජනාධිපතිවරයා රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වන අවස්ථාවෙන් පසුව සභාව විසිර යාම සාමාන්‍ය සම්ප‍්‍රදායයි. මේ නිසා නියෝජ්‍ය කතානායක ධුරයට මන්තී‍්‍රවරයකු පත්කර ගැනීමේ කටයුත්ත එදින සිදු නොවේ. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු සංඛ්‍යාව 225ක් වුවද සභාව සකස් කර ඇත්තේ මන්තී‍්‍රවරු 232කට අසුන් ගැනීමේ පහසුකම් සහිතවයි. මේ නිසා නියෝජ්‍ය කතානායක අසුන හිස්ව තිබුණද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු 225ටම අසුන් ගැනීමේ පහසුකම් ඇත.

අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය උත්සවශී‍්‍රයෙන් ආරම්භ වීමට පෙර මන්තී‍්‍රවරු අසුන් ගනිති. මේ වන විටත් සැසිවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ උපදෙස් පරිදි වේත‍්‍රධාරි අනිල් සමරසේකර මහතා සියලූ මන්තී‍්‍රවරුන්ට දැනුම් දී ඇත. මෙදින මහජන ගැලරිය මහජනතාව ස`දහා විවෘතව නැත. කතානායකවරයාගේ උපදෙස් අනුව ආරාධිතයින් 500ට ඇරයුම් කර ඇති හෙයින් මහජන ගැලරිය සම්පූර්ණයෙන් ආරාධිතයින් ස`දහා විවෘතව පවතියි.

රන්මලී සෝමසිරි / භක්ති ධර්මපි‍්‍රය විශේෂ ස්තුතිය: නියෝජ්‍ය වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා