අපිටම කියා වෙන්වී ඇති ඉන්දියන් සාගරයෙන් වටවුණු මේ බිම දැවැන්ත රටවල් හා සසදද්දී පුංචි බිම්කඩකි. වසර සිය දහස් ගණනකට පෙර ඈත අතීතයේ ජනතාවගේත් රාජ සභාවේත් ඕනෑ එපාකම් පරිදි වෙන් කරගනු ලැබූ මේ බිම මැනුම් ඇතිව බෙදී යන්නට පටන් ගත්තේ සුද්දන්ගේ අණසකට නතුවූවාට පසුවය. සීමා මායිම් ඇතිව බිම බෙදා වෙන් කර ගන්නටත් බෙදෙන බිම්තීරු කෙසේවේදැයි සටහන් තබා ගන්නටත් සුද්දෝ අපේ රටේ පරණම දෙපාර්තමේන්තුව පිහිටු වූහ. එකී පරණම දෙපාර්තමේන්තුව වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අප ගොඩ වූයේ පරණම තැන කෙරෙන අලූත් වැඩක් ගැන ලැබුණු ආරංචියකටය. ‘මේ දවස්වල ලංකාවේ සිතියම අලූතෙන් සකස් කෙරෙනවා’ ලැබුණු ආරංචියෙන් කියවුණේ එහෙමය. ‘සිතියම අලූතෙන් හදනවා කියන්නේ මොකද්ද?‘ මේ ගැන අසා දැන ගන්නට සුදුසුම තැන සිටින්නේ වත්මන් මැනුම්පති පී.එම්.පී උදයකාන්ත මහතායි.

”සිතියම අලූතෙන් හදනවා කියලා කතාවට කිව්වට අපි මේ කරන්නේ 1:50,000 සිතියම යාවත්කාලීන කරන එක. මේ වැඬේ අවුරුදු පහකට වතාවක් සිදුවෙන්න ඕන දෙයක් වුණත් මෙවර මේ යාවත්කාලීන කිරීම සිදුවෙන්නේ 1996න් පස්සේ. ඒ නිසා බොහෝ වෙනස්කම් මේ අලූතෙන් සකස් වෙන සිතියමට ඇතුළත් කරන්න සිදුවෙනවා. අපි මේ කටයුත්ත පටන් ගත්තේ 2016 අවුරුද්දේ. ඒ කියන්නේ හරියටම අවුරුදු 20කට පස්සෙ. එහෙම බැලූවම මේක අලූත්ම සිතියමක් සකස් කිරීම හා සමානම වැඩක්.” මැනුම්පතිවරයා කියන්නේය.

විස්තරාත්මක සිතියමක් කියවා තේරුම් ගැනීම අපහසු කටයුත්තක් නොවන්නා සේම විස්තරාත්මක සිතියමක්, කටයුතු පහසු කරවන්නක් ද වන්නේය. සිතියමකින් වැඩ ගැනීම ඒ තරමට පහසු වුවත් තොරතුරු රැුස් කරමින් විස්තරාත්මක සිතියමක් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවේ. මේ වගකීම් සහගත අසීරු කටයුත්තට ඒ වෙනුවෙන්ම පුහුණුවීම ලැබූ පිරිසක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුය.

”මේ සිතියම සකස් කිරීමේ කටයුත්ත කෙරෙන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දුරස්ථ ග‍්‍රහණ කියන අංශය. මේ නිලධාරීන් ලංකාවේදී සහ විදෙස් රටවලදී පුහුණු කරනවා. මේ සිතියම යාවත්කාලීන කිරීමේ කටයුත්ත ඉක්මනින් අවසන් කරන්න ඕන නිසා වෙනත් අංශවලිනුත් නිලධාරීන් මේ වැඩ කටයුතුවලට දායක කරගෙන තියෙනවා.” ඒ කියවෙන්නේ සිතියම සකසා ගැනීම වෙනුවෙන් කැපවෙන පිරිස ගැනය. සිතියම පියවරෙන් පියවර සැකසෙන ආකාරය දන්නේ ද ඔවුන්මය.

”මේක බැලූ බැල්මට පේන තරම් පහසු වැඩක් නෙමෙයි. මුලින්ම කරන්නේ සිතියම සකස් කිරීමට ඕන කරන දත්ත එකතු කරන එක. කාලෙකට කලින් නම් තොරතුරු ගත්තේ ගුවන් ඡුායාරූප සහ ක්ෂේත‍්‍ර නිලධාරීන්ගෙන් ලැබෙන තොරතුරුවලින්. නමුත් දැන් තොරතුරු ලබා ගන්නෙ චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරලා ලබාගන්න ඡුායරූප සහ තොරතුරුවලින්. 1:50000 සිතියම සකස් කිරීමට මෙතෙක් පාවිච්චි කරලා තිබුණේ ඉන් කියපු පැරණි ක‍්‍රම. මෙවර තමයි 1:50000 සිතියම සකස් කරන්න මුල්ම වතාවට චන්ද්‍රිකා ඡුායාරූප පාවිච්චි කරන්නේ. චන්ද්‍රිකා ඡුායාරූපවලට අමතරව ගූගල් මැප් එකෙනුත් අපි තොරතුරු ලබා ගැනීම, තහවුරු කරගැනීම වගේ දේවල්වලට උදව් ගන්නවා. ඒ වගේම තාක්ෂණය කොයි තරම් දියුණු වෙලා තිබුණත් අපිට තොරතුරු තහවුරු කරගැනීම වෙනුවෙන් තවමත් නිවැරදිම තොරතුරු ලබා දෙන්නේ අපේ ක්ෂේත‍්‍ර නිලධාරීන්. මේ සැකසෙන 1:50000 සිතියමට අමතරව වෙනත් පරිමාණවල සිතියම් සැකසීමත් සිදුවෙනවා. මේ දවස්වල මුල් තැන තියෙන්නේ මේ වැඬේට”

චන්ද්‍රිකා ඡුායාරූපවලින් සිතියමකට තොරතුරු ලබා ගැනීම පහසු නොවේදැයි මේ කතාව ඇසූවකුට සිතෙන්නට බැරි නැත. එසේ වන්නට නම් ඉතා පැහැදිලි ඡුායාරූපම පමණක් ලැබිය යුතුය. අවාසනාවට, දැනගන්නට ලැබුණු ලෙසට ඉතා පැහැදිලි ඡුායාරූපයක් ලැබෙන්නේ කලාතුරකිනි.

”චන්ද්‍රිකා ඡුායාරූපයක් ලැබුණු පමණින් අපිට ඒ තොරතුරු අරගෙන සිතියම සකස් කරන්න යොදා ගන්න බැහැ. අපිට ලැබෙන බොහොමයක් පින්තූර අපැහැදිලියි. ලැබෙන ජායාරූපවල තියෙන වලාකුළු ඉවත් කරලා අපිට තොරතුරු ලබාගත හැකි මට්ටමට පැහැදිලි කර ගැනීම තමයි මුලින්ම කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ ඡුායාරූපවලින් ලබා ගන්න තොරතුරු වර්ග කරනවා. පාරවල්, ජල මාර්ග, වගාබිම්, ගොඩනැගිලි වගේ දේවල් වෙනස් වෙනස් තොරතුරු විදියටයි අපි රැුස් කරගෙන්නේ. මොකද සිතියම නිර්මාණය වෙලා මුද්‍රිත සිතියමක් විදියට ලැබෙන්නේ පොදුවේ තොරතුරු සියල්ල ඇතුළත් වෙලා තියෙන සිතියමක් වුණත්, අපේ තොරතුරු ගොනු (ඬේටා බේස් එක) සකස් වෙන්නේ ස්ථර කිහිපයකින් සමන්විත සිතියමක් විදියට.

එහෙම සකස් කරන්නේ අධ්‍යයනය කිරීමේ පහසුව ස`දහා. උදාහරණයක් විදියට අපි හිතමුකො කෙනෙකුට අවශ්‍ය වෙලා තියෙනවා කියලා ජලමාර්ග විතරක් තියෙන සිතියමක්. එහෙම වෙලාවක අපිට පුළුවන් අපේ තොරතුරු ගොනුවේ ජලමාර්ග ඇතුළත් ස්ථරය තෝරලා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. අපේ පැත්තෙන් බැලූවම මේ විදියට ස්ථර කිහිපයකින් ඩිජිටල් සිතියම නිර්මාණය කරලා තිබුණම යාවත්කාලීන කිරීම හරි පහසුයි. මේ විදියට අපි සිතියම නිර්මාණය කරන්නේ සිතියම් නිර්මාණය වෙනුවෙන්ම සකස් කරපු විශේෂ මෘදුකාංග යොදාගෙන.”
ලැබෙන හා ලබාගන්න තොරතුරු පියවරෙන් පියවර සිතියමක් බවට පත්වන්නේ දැඩි වෙහෙසකිනි. මේ සියල්ල නැවත නැවත පරීක්ෂාවට ලක් වෙමින් අඩුපාඩු සැකසෙමින් පරෙස්සමෙන් සිදුවන දේය.

”1:50000 ලංකාවේ සිතියම නිර්මාණය වෙන්නේ කිලෝමීටර 40ක් දිග කිලෝමීටර 25ක් පළලින් යුතු කොටු 92ක් සම්පූර්ණවීමෙන්. මෙයින් මුහුදු බඩ පළාත්වල සිතියම් කොටස්වලට මුහුදු කොටස් අපි ඇතුළත් කරගන්නවා අදාළ කොටුව සම්පූර්ණ කරගන්න ඕන නිසා, පොඩි වෙනසක් තියෙන්නේ අම්පාර දිස්ත‍්‍රික්කයේ 58, 59 කියන කොටුවල විතරයි. ඒ කොටුවලට අයත් වෙලා තියෙන ගොඩබිම් ප‍්‍රමාණය අඩු නිසා ඒ කොටුවලට අපි මුහුදු කොටස ඇතුළත් කරලා නැහැ, මොකද එහෙම කළොත් සිතියමේ වැඩිපුර තියෙන්නෙ නිල්පාට. ඒ කොටු දෙක විතරක් අර කලින් කියපු ප‍්‍රමාණයට වඩා කුඩායි. මේ කොටු 92 අපි මෙතන එන්න නිලධාරීන්ට බෙදලා දීලා තියෙන්නේ. ඔවුන් මේ එකින් එක කොටුව සකස් කරල ඉවර වෙද්දි සිතියම සම්පූර්ණ වෙනවා.”

”මෙවර 1:50000 සිතියමේ තියෙන අනෙක් විශේෂම දේ තමයි අපේ රටේ සිවිල් යුද්ධය තිබුණු මුළු කාලය පුරාම සිතියම්ගත කරගන්න බැරුව හිටපු උතුරු, නැගෙනහිර ප‍්‍රදේශ සිතියම්ගත කරන්න පුළුවන් වීම. මේ ප‍්‍රදේශ සිතියම් ගතවෙන්නේ දශක තුනකටත් වැඩි කාලයකට පස්සේ.” වසර දෙකකට ආසන්න කාලයක් පුරා සැකසෙන නව ලංකා සිතියම දැන් ඇත්තේ අවසන් අදියරට කිට්ටුවෙනි. මේ වසරේ දෙසැම්බර් මාසය වන විට සිතියම සකසා අවසන් කිරීම මේ කණ්ඩායමේ බලාපොරොත්තුවයි. මැයි මාසය අවසන් වන විට නව දත්ත ඇතුළත් කොළඹ නව සිතියම දැකීමට කොයි කාටත් අවස්ථාව දීමට ඔවුන් ලහි ලහියේම කටයුතු කරමින් සිටිති. මේ සිතියම භූමියේ ඇති සියලූ තොරතුරු නොඅඩුව ඇතුළත් වූවකි. හරියටම කිව හොත් අපේ රටේ පවතින බිම, ගහකොළ, ගොඩනැගිලි සියල්ල කෘති‍්‍රමව නිර්මාණය කර තිබෙන්නක් වැන්න.

”බොහෝ සිතියම් කොටස් මේ වෙද්දි සකස් කරල ඉවරයි. දැන් අපි ඉක්මනින්ම ලබා දෙන්න උත්සාහ කරන්නේ කොළඹ අලූත් තොරතුරු සියල්ල ඇතුළත් අලූත්ම සිතියම. කොළඹට අලූතෙන් එකතුවෙන වරාය නගරය මේ සිතියමට ඇතුළත්. වරාය නගරය තවම වැඩ අවසන් කරලා නැති නිසා මේ සිතියම දිගින් දිගටම යාවත්කාලීන කිරීමේ කටයුත්තත් අපි කරනවා. කොළඹ සිදුවෙලා තියෙන ඒ වෙනස් කමට අමතරව පිට පළාත්වලත් වෙනස්කම් වෙලා තියෙනවා. හම්බන්තොට වරාය, මොරගහකන්ද ජලාශය, වැඩ අවසන් කරපු, ඉදිවෙමින් තියෙන අධිවේගී මාර්ග, යෝජිත අධිවේගී මාර්ග මේ සියල්ලම නව 1:50000 සිතියමට ඇතුළත්. ඊට අමතරව ස්වභාවිකව වෙච්ච සුළු වෙනස්කම් කිහිපයකුත් හ`දුනාගෙන අපි සිතියමට ඇතුළත් කරලා තියෙනවා. එයින් පැහැදිලිව කියන්න පුළුවන් දෙයක් තමයි පුත්තලම් කළපුව ආශ‍්‍රිතව වෙරළ ටිකක් ඉදිරියට යාම. මුහුදු බඩ ප‍්‍රදේශවල පොඩි පොඩි වෙනස් වීම් වෙලා තියෙනවා. නමුත් රටේ හැඩය වෙනස් වීමට තරම් ලොකු බලපෑමක් වෙලා නැහැ. ගොඩක් අය හිතුව විදියට 2004 සුනාමියෙන් වෙරළ ප‍්‍රදේශවල බිමේ විශාල වෙනස්වීම් නම් වෙලා නැහැ. ”

”කොහොම වුණත් අපි දැනට දන්න අපේ රටේ භූමි ප‍්‍රමාණය වෙන වර්ග කිලෝමීටර 65610 කියන එක නම් වෙනස් වේවි” සිතියමේ වැඩ සියල්ල අවසන් වන විට අපට ලැබෙනු ඇත්තේ ලෝකයේ අපට අපේ මැයි මෙතෙක් හිමිවී තිබුණු බිම්කඩට වඩා ටිකක් හෝ විසල් බිමකි.

කය නොවෙහෙසුවත් දෑස් හා මනස වෙහෙසවමින් අසීරු කටයුත්තක ලහි ලහියේ යෙදෙන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිරිස මේ සැරසෙන්නේ ලෝකයේ අපටම හිමි බිමේ අලූත්ම පෙනුම ලෝකයට පෙන්වන්නටය. අලූත් තාක්ෂණය හා බැෙ`දමින් පැරණිම ආයතනයක් යන මේ ගමන අපි අගය කළ යුත්තක් නොවේදැයි දැනෙන්නට නම් ඔවුන්ගේ වෙහෙස දෑසින්ම දැකිය යුත්තේය.

නෙලූෂා සිල්වා