හොර පාරෙන් එට්කා ගිවිසුම කි‍්‍රයාත්මක කිරීමට සිංගප්පුරුව සමග අත්සන් තැබූ නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම අවලංගු කරන ලෙස ආණ්ඩුවට බලකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (02* පැවසීය.

වංචනික ලේඛන යොදාගෙන, කැබිනට් මණ්ඩලය නොමග යවමින් මලික් සමරවික‍්‍රම ඇමැතිවරයා හොර රහසේ අත්සන් තැබූ මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමින් සිංගප්පූරු වෘත්තීයවේදීන්ට පමණක් නොව සිංගප්පූරුවේ ලියාපදිංචි ඉන්දීය, චීන, මැලේසියානු වෘත්තීයමය සේවාවන් සපයන ආයතනවල වෘත්තීයවේදීන්ට ද ශ‍්‍රී ලංකාවේ රැුකියා වෙළෙඳපොළ විවෘත කර දී ඇතැයිද එ් මහතා පැවසීය.

‘‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය, පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් වස්තූන් මංකොල්ලකෑම් පිළිබඳ සාකච්ඡුා, මියගිය කොටි නායකයින්ගේ නම්වලින් මංමාවත් නම් කිරීමට යාපනය මහ නගර සභාව ගත්තු තීරණ පිළිබඳ කතා  ආදිය මැද්දේ මේ රටේ ආර්ථිකයට සහ වෘත්තීයවේදීන්ට ඉතාමත් තීරණාත්මක ලෙස බලපාන මෙම ගිවිසුම නීති විරෝධී බවද හෙතෙම ස`දහන් කළේය.

එ් මහතා මෙසේ පැවසුවේ ඊයේ (02* කොළඹ ජාතික නිදහස් පක්ෂ පක්ෂ කාර්යාලයේ පැවැති  මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

රන්මලී සෝමසිරි