ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් සමග ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය.

ආණ්ඩුව සැලුන් දොරක් නොවන බවත්, එළියට ගියා නම් යා යුතු බවත් ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අද (24) මැද කොළඹ ප්‍රදේශයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

2015 මැතිවරණයෙන් පරාජය වූවන් පවා ආණ්ඩුවට එක් කරගත් බවත් අද ඔවුන් හදන්නේ වලිගෙන් ඔළුව නැටවීමට බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දීපා වසන්ති එදිරිසිංහ