නව අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම ලබන සතියේ සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ මාධ්‍ය වෙත පෙරේදා (24) ප්‍රකාශ කර සිටියේය.

මෙම නව අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යවරුන් පත් කිරීමේදී ඔවුන් පිළිබඳව මෙරට තුළ පවතින පිළිගැනීම පමණක් නොව ජාත්‍යන්තරව පවතින පිළිගැනීම ද සැලකිල්ලට ගන්නා බවත් බි.බි.සී. සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමා සිදු කරන්නේ කැබිනට් සංශෝධනයක් නොව නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමක් යැයි ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එම කැබිනට් මණ්ඩලයට විවිධ චෝදනාවලට ලක්වූවන් ඇතුළුවීම වැළැක්වීමේ වගකීම ඇත්තේ රජයට අයත් ඒ ඒ දේශපාලන පක්ෂවලට බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.