හොරණ බැල්ලපිටිය ප‍්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක අද දහවල් සිදුවූ අනතුරකින් 5දෙනකු මියගොස් තිබේ.

තවත් 16 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තවත් 16 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

අද උදෑසන එක් පුද්ගලයකු කර්මාන්ත ශාලාව තුළ පිහිටා ඇති ඇමෝනියම් ටැංකියක් තුළට ඇද වැටී ඇත.

ඔහු බේරාගැනීමට තවත් පිරිසක් කටයුතු කිරීමේදී ඔවුන් ද ටැංකිය තුළට ඇදවැටී ඇතැයි සිද්ධිය ඇසින් දුටූවන් පොලිසියට පවසා තිබේ.

අනතුරට ලක්වූවන් අතර ප‍්‍රදේශවාසීන් ද සිටින බව පැවසේ.

තුවාලකරුවන් හොරණ රෝහලට ඇතුළත් කර ඇත.

(භක්ති මෙන්ඩිස්)