ස්විට්සර්ලන්තයේ අධිවේගී මාර්ගයකදී ශී‍්‍ර ලංකිකයන් පිරිසක් රැුගත් බස් රථයක් ට‍්‍රක් රථ දෙකක් සමග ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරට ලක්වන අවස්ථාවේදී බස් රථයේ 40 දෙනකු ගමන් කර ඇතැයි එරට වාර්තා පවසයි.

සූරිච් නගරයට ආසන්නයේ පිහිටි වින්ටෙතර්-වුල්ෆින්ගෙන් පිවිසුම අසලදී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී ශී‍්‍ර ලාංකිකයන් 12 දෙනෙකු එහි රැුදී සිට ඇති බව සූරිච් පොලිසිය සඳහන් කරයි.

අනතුර හේතුවෙන් රියැදුරුගේ සහයිකාව වශයෙන් ගමන් කළ කාන්තාව රථය තුළ සිරවීම නිසා හදිසි සහන කණ්ඩායම් පැමිණ ඇයව මුදා ගැනීමට කටයුතු කර ඇත.

අනතුරට පත් ශී‍්‍ර ලංකියන් සම්බන්ධයෙන් සොයා බැලීමට එරට තානාපති කාර්යාලය මේ වනවිටත් පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

(නුවන් සේනාරත්න)