මන්නාරම, ජෝශප්වාස් නගර් ප්‍රදේශයේ සිට අතුරුදහන්ව සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේ ඔලෙත්තොඩුවායි කැලෑව තුළ තිබි ඊයේ(18) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසයි.

ඔහු දරුවන් 8 දෙනකුගේ පියෙකි.

ඔහු මන්නාරම ජෝශප්වාස් නගරයේ පදිංචි 71 හැවිරිදි  මනුවේල් පිල්ලේ නොහොත් ඇල්බට් නමැත්තෙකි.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසූවේ පසුගිය මස 26 වැනිදා සිදුවූ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පසුගිය 31 වැනිදා මන්නාරම පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකළ බවයි.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් මළ සිරුර හදුනාගෙන ඇති අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති බව පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(වවුනියාව – මාධව කුලසූරිය)

Mannar 01