අවුරුදු දා (14) තම දියණියගේ නිවසේ රාත්‍රී ආහාරය සදහා  තම සැමියා ,දෙවැනි පුතා ඔහුගේ බිරිද හා කුඩා දරුවා සමග යමින් සිටි සිවු දරු මවක්  කන්දකැටිය  කිවුලේගෙදර  පල්ලේවෙල කෝසුවෙන් එගොඩවීමට යාමේදී රාත්‍රී 7-00 ට පමණ වේලඔයට  වැටී සැඩ දියපහරකට හසුව ගසාගෙනගොස් මරණයටපත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි .

මෙසේ මරණයට පත්ව ඇත්තේ හාලිඇල නාරංගල ලුනුගල්ල පදිචිංව සිටි රන්කොත් ඉහලගෙදරගේ චන්ද්‍රාවතී  (45) නමැත්තියකි.

මරණකාරිය හා සැමියා එක් යතුරුපැදියකද, බාල පුතා ,ඔහුගේ බිරිද හා කුඩා දරුවා තවත් යතුරුපැදියකදනැගී  ලුනුගල්ලේ සිට  පැමිණ ඇති අතර  පල්ලේවෙල  සපත්තුපාලමට උඩින් ජලය ගලා යාම නිසා  සෙසු අය පාලමෙන් මෙගොඩ නතරවී සිටියදී මරණකාරිය පාලමඋඩින් එගොඩ වෙද්දි සැඩ දියපහරේ මෙසේ ගසාගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වු බව පොලිසිය  පවසයි .

එම ස්ථානයේ සිට කි. මී. 1ක් පමරණ දුර ගසාගෙන ගොස් තිබියදි මෘතදේහය හමුවී තිබිණ

බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.සිරිවර්ධන මහතාගේ මෙහයවීමෙන් කන්දකැටිය පොලිසිය විමර්ශන සිදුකළේය ..

විමුක්ති සංජය පෙරේරා -බදුල්ල