දොළොස් මසක් ගෙවිලා යන දවසේ සිය නිවසේ රැඳීසිටීමට සිංහල සංස්කෘතිය අනුව හැමදෙනාම උත්සාහ කරයි. රැකීරක්ෂා කරන නොකරන හැම දෙනාම ඒ සඳහා සූදානම් වන්නේ සති ගණනක සිටය. රාජ්‍ය පුද්ගලික අංශයේ රැකියා කරන හැමදෙනාටම මේ සඳහා සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා නිවාඩු ලැබේ. එහෙත් අත්‍යවශ්‍ය සේවාවල නිරත ආරක්ෂක අංශ, සෞඛ්‍ය, ප්‍රවාහන අංශවල සේවය කරනු ලබන අයට නිවාඩු ලබාගැනීමට දැඩි ගැටලුවක් පවතියි. එහිදී සේවා මුර ක්‍රමයට සේවය කරනු ලබන සෙසුවන් හා ප්‍රවාහන අංශවල රැකියා කරනු ලබන අයට යම්තාක් සහනයක් ලැබුණත් ත්‍රිවිධ හමුදාවන්ට හා ‍පොලිසියට මෙම ගැටලුවට මුහුණ පෑමට සිදුව ඇත. ත්‍රිවිධ හමුදාවන්ට නියමිත නිවාඩු ක්‍රමවේදයන් තිබිම නිසා ඔවුන්ට යම් සහනයක් ලැබෙයි.

එහෙත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා සිටින ‍පොලිස් නිලධාරීන්ට නියමිත ආණ්ඩු ක්‍රමවේදයක් නොමැති නිසා ඔවුන්ට ‘නිවාඩු’ යන වචනය ‍පොලිසිය තුළ තහනම් වී තිබේ. මෙම තත්ත්වය නිසා විශේෂයෙන් ‍පොලිසියේ 65000ක් වන කනිෂ්ඨ නිලධාරීන් අවුරුද්දේ හැම කාලයකම නිවාඩු සම්බන්ධයෙන් සිටිනුයේ දැඩි පීඩනයකය. ඊට හේතුව නියමිත ක්‍රමවේදයක් නොමැතිවීමෙන් සිය නිවාඩු ලබා ගම්බිම් බලා යාමට නිශ්චිත දිනයක් නැති නිසාවෙනි.
ජනගහනය පැතිරී ඇති ආකාරය අනුව ස්ථානගත කර ඇති ‍පොලිස් ස්ථාන වර්ගීකරණය කර තිබේ. ඒ1, ඒ2, බි ග්‍රේඩ්, සී හා ඩී වශයෙන් වර්ග කර ඇති අතර ඒ1, ඒ2 බි ග්‍රේඩ් යන ‍පොලිස් ස්ථාන නාගරික ප්‍රදේශවල ස්ථාපිත කර ඇත. මේවනවිට රටපුරා ‍පොලිස් කොට්ඨාස 42කි. ‍පොලිස් ස්ථාන 460 වැඩි ප්‍රමාණයක් ස්ථාපනය කොට ඇත. සාමාන්‍යයෙන් එක් ග්‍රාමසේවා වසමකට ‍පොලිස් නිලධාරීන් සිටින ආකාරයට ඒ සෑම ස්ථානාධිපති නිලධාරීන් රඳවා ඇත. එහෙත් මින් වැඩි ‍පොලිස් ස්ථානවල අංශයේ ප්‍රමාණයට වඩා නිලධාරීන් සංඛ්‍යාවක් සිටිති. උදාහරණයක් ලෙස කන්ත‍ලේ ‍පොලිස් කොට්ඨාසයේ සූරියපුර ‍පොලිසියට ග්‍රාමසේවා වසම් 2ක් ඇති අතර එහි සේවයට ‍පොලිස් නිලධාරීන් 60ක් පමණ සිටිති. එම ‍පොලිස් කොට්ඨාසයකින්ම අග්ඝෝපුර ‍පොලිස් ස්ථානයට ග්‍රාමසේවා වසම් තුනක් ඇති අතර එහිදී නිලධාරීන් 60කට වැඩි ප්‍රමාණයක් ස්ථානගත කර ඇත.

සාමාන්‍යයෙන් අනෙක් සේවා මෙන් නොව ‍පොලිසියේ රාජකාරී ස්වභාවය වෙනස් වුවත් අද වනවිට ‍පොලිසියේද කාර්යාල ස්වභාවට ගොස් ඇත්තේ උදේ 7.30ට වැඩ ආරම්භකර සවස 4.30ට සේවය නිමාවී යන පිරිස 75ක් පමණ වීම නිසාවෙනි. එම තත්ත්වයට හේතුව හේතුව අද වනවිට ශ්‍රී ලංකා ‍පොලිසිය නීතිය හා සාමය ආරක්ෂා කරනු වෙනුවට ඉහළ නිලධාරීන්ගේ උවමනාවට වාර්තා සකස් කිරීමේ රාජකාරියට යොමුකර තබමින් ප්‍රභූවරුන්ගේ ආරක්ෂක කටයුතුවලට මූලිකත්වය ලබාදී තිබිම නිසාවෙනි. මෙහිදී අපරාධ මැඬලීම සෑම ‍පොලිසියකම අයත් අපරාධ අංශයට භාරදී ඇතත් වැඩි දෙනෙකුගේ රාජකාරිය නොයෙකුත් වාර්තා සකස් කිරීමයි. ඊට අමතරව ප්‍රභූ ආරක්ෂක රාජකාරියට අවශ්‍ය ප්‍රමාණයට වඩා තුන්ගුණයක් නිලධාරීන් යෙදවීමට ද ඉහළ නිලධාරීන් කටයුතු කරන්නේ ඔවුන්ගේ ගැලවිජ්ජාව සඳහාය.

මෙම තත්ත්වය දිසා ‍පොලිසිය පහළ නිලධාරීන්ට නිවාඩු යන වචනය තහනම්ව ඇත. සාමාන්‍යයෙන් දින 9-1ක් වශයෙන්ද දින 27, දින 3ක් වශයෙන් හා දින 35-දින 5 වශයෙන් නිවාඩු ලබාදෙන අතර එයද නිසි ක්‍රමවේදයකට සිදු නොවීම ‍පොලිස් කොස්තාපල් සැරයන්වරුන්ට 8-1 අනුපාතයට නිවාඩු ලබා දීමට උසස් ‍පොලිස් නිලධාරීන්ගේ පහසුවට සකසා ගත් නිවාඩු ක්‍රමවේදයක් ඇතත් එයද සිදුවන්නේ අදාළ ‍පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගේ අභිමතය පරිදිය.

විශේෂයෙන් අවුරුදු සතියේ කාබි අවුරුදු සමරන නිසා සාමය කඩවන අන්දමේ වැඩ වැඩි නිසා නිලධාරීන් වැඩි පිරිසක් ‍පොලිසිවල රාජකාරී කටයුතු සඳහා යෙදවීම අත්‍යවශ්‍ය කරුණක් බවට විවාදයක් නොමැත. එහෙත් ගැටලුව වන්නේ ‍පොලිස් ස්ථානාධිපතිවරුන් පහළ නිලධාරීන්ට නිවාඩු ලබා දීමේ ක්‍රමවේදයයි. පසුගිය 10 දින සිට 15 දින දක්වාත් එතැන් සිට තවත් දින 5ක් තවත් නිලධාරීන් පිරිසකට නිවාඩු ලබාදෙයි. මෙහි ගැටලුව වන්නේ අදාළ ‍පොලිස් ස්ථානයට ආයතනයේ සිටි දිනපතා නිවසේ රාජකාරි සඳහා පැමිණෙන නිලධාරීන් ද කිලෝ මීටර් 100-200දුර සිටින ‍පොලිස් බැරැක්කවල සිට රාජකාරී කරන නිලධාරීන්ට ලබාදෙන අවුරුදු නිවාඩු දින ගණන එකහා සමානවීමයි මෙයද අදාළ ‍පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ කැමැත්ත හා ප්‍රසාදය මත එම නිවාඩු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීම නිසා මෙම ගැටලු මතුව ඇත. ඒ බැවින් කනිෂ්ඨ ‍පොලිස් නිලධාරීගේ එකම ඉල්ලීම ලබන අලුත් අවුරුද්දට පෙරත් ‍පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සඳහා ක්‍රමවේදයක් සකසන්නේ නම් ඊළඟ දොළොස් මහ ගවෛන දවසේ සිය අඹුදරුවන් සමග එකට ඉඳ අලුත් අවුරුද්ද සැමරිය හැකි බවයි.

රාජ් මේඝවර්ණ