රබන් සුරල් හ`ඩ නෑසෙන්නේ මුත්, එරබදු මලේ ලස්සන සැමගේ ඇස් පිනවන්නට බැරි තරම් දුර ගම්මානවලම පිපී හිනැහෙන මුත් අදත් එදා වාගේම සිංහල හින්දු අලූත් අවුරුද්ද ජයටම සැමරෙන්නේය. කැපෙන ගොයමක සුව`ද මුසුව අලූත් සහලක සුව`ද නැවුම් මැටි මුට්ටියේ සුව`ද හා කැළතී එන්නේ නැති නමුදු අලූත් අවුරුද්දට අලූත් කිරිබතක් තවමත් ඉදෙන්නේය. අලූත් අවුරුද්දේ පාටු, සුව`ද, සද්ද වෙනස් වී ඇත්තේ මුදු සියවස් ගණනකට පෙර සේම අපි මහ ඉහළින් සමරමින් සිටින්නේ ඒ මහා සූර්යමංගල්‍යයමය. නිසැකවම එදා අදට වඩා අලූත් අවුරුද්ද සරු වන්නට නම් ඇත. ඒ බත බුලතින්ම නොව සිරිත් විරිත්වලින්ද එදා අලූත් අවුරුද්ද සරු සාර වන්නට ඇති නිසා ය. අද අලූත් අවුරුද්ද එදා අලූත් අවුරුද්දට වඩා සැබෑවටම වෙනස්ද? සිතන්නට කල් නොයවා අපි දැනමුත්තකුගෙන් ඒ ගැන අසා දැන ගන්නට සිතුවෙමු. මහාචාර්ය ජේ.බී. දිසානායක අපට කීවේ අපේ අලූත් අවුරුද්දේ පරණ කතාවයි.

”මේ රටේ අවුරුද්ද කියන එක පටන් ගන්නෙ නක්ෂත‍්‍රයයි ගොවිතැනයි එක්ක. ඒ කාලේ මේ සිරිත් හරි ජයට සැමරුවේ ගොවියො. මොකද අපේ‍්‍රල් කියන්නෙ මහ කන්නය ඉවර වෙලා අලූත් අස්වැන්න ගෙනැල්ලා අටු කොටු පුරවන කාලෙ. අද නම් ඉතින් එහෙම වෙනසක් නැහැනෙ. හැමෝම අලූත් අවුරුදු සමරනවා. ගමේ ඉන්න අය නගරයේ ඉන්න අය කියල වෙනසක් නැහැ.” මහාචාර්ය දිසානායක අතීතයටම ගොස් අද දවස සැස දුවේ ය.

”අලූත් අවුරුද්ද නැකැත් මුල් කරගෙන සැමරෙන දෙයක් බවට පත් වෙන්නත් මේ ගොවියන් හේතුවක්. ගොවියො කොහොමටත් තමන්ගෙ වැඩ කටයුතුවලදී කවදත් නැකැත් මුල් කරගත්ත පිරිසක්. ගොවියන් ජයට සමරපු අලූත් අවුරුද්ද අද කොයි කවුරුත් සමරන්නේ නැකැත් මුල් කරගෙන. නැකැත් විශ්වාස නොකරන අයට මේ අලූත් අවුරුදු සැමරිල්ලට එකතු වෙන්න බැහැ. අපේ රටේ ඉන්න පිරිසෙන් නැකැත් විශ්වාස කරන්නේ දෙපිරිසක් විතරයි. සිංහල බෞද්ධයොයි, දෙමළ හින්දු භක්තිකයොයි.” නැකත මුල් කරගත් අවුරුදු සැමරුම සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද වන්නේ ඒ නිසාය. නැකැත් අනුව යමින් අලූත් අවුරුදු සමරන්නේ නමුත් නැකතේ ඇත්ත නැත්ත ගැන නොයෙක් විශ්වාස අවිශ්වාස ද නැත්තේ නොවේ.

”නැකැත් කියන්නේ සියයට සියයක්ම විද්‍යාවක් කියලා කියන්න බැරි වුණත් මිථ්‍යාවක් කියලා බැහැර කරන්න පුළුවන් දෙයකුත් නොවෙයි. මේ නැකැත් මත විශ්වාසය ඇතිවෙන්නේ මෙය තාරකා විද්‍යාව මතින් බිහිවුණු දෙයක් වන නිසා. තාරකා විද්‍යාව කියන්නේ සූර්යා, ග‍්‍රහලෝක, තාරකා ගැන ඉගෙන ගන්න ලෝකයේ පිළිගත් විද්‍යාවක්නෙ. තාරකා විද්‍යාව සියයට සියයක්ම විද්‍යාත්මක සංකල්ප මත ගොඩනැගුණු දෙයක්. මේ තාරකා විද්‍යාව මත පදනම් වෙලා ඇති වුණු නක්ෂත‍්‍රයෙන් තමයි නැකැත් කියන දේ බිහිවෙන්නේ. අපේ හිත්වල නක්ෂත‍්‍රය ගැන තියෙන විශ්වාසයේ තරම අනුව තමයි නැකැත් කොයි තරම් දුරට අපි අපේ ජීවිතවලට ළං කරගන්නවාද කියලා තීරණය වෙන්නේ.”
නැකැත් අනුව යෑම විශ්වාසය මත රැු`දී තිබෙන්නක් වුවත් අලූත් අවුරුද්ද සැමරීම බෞද්ධ සිරිත්වලට කිට්ටුවන්ත නෑදෑකම් කියනා බවටද තොරතුරු ඇතැයි මහාචාර්යවරයා කියන්නේය.

”ක‍්‍රිස්තු වර්ෂ 78 වගේ කාලේ ඉන්දියාවේ බිහිවෙනවා ‘ශක‘ කියලා රාජ පරම්පරාවක්. මේ රජවරු හො`ද බෞද්ධයො. මේ ශක රජවරු ඇති කළා දින දර්ශන ක‍්‍රමයක්. ඒකෙන් තමයි ඇති වුණේ ශක වර්ෂ ක‍්‍රමය. මේ වර්ෂ ක‍්‍රමයට ඔවුන් පදනම් කරගත්තේ නක්ෂත‍්‍රය. සූර්යාගේ ගමන තමයි මේ වර්ෂ ක‍්‍රමයට පදනම් කර ගත්තේ. ඇත්තටම බැලූවොත් අපේ‍්‍රල් මාසෙ 14 වැනිදා උදා වෙන්නේ මේ ශක වර්ෂය මිසක් සිංහල අලූත් අවුරුද්දක් වත් හින්දු අලූත් අවුරුද්දක් වත් නෙමෙයි. මේක සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙන්නෙ මේ ශක වර්ෂ උදාවීමට නැකැත් පදනම් වෙලා තියෙන නිසා බෞද්ධයෝ සහ හින්දු අය මේ ගැන විශ්වාසයක් ගොඩ නගාගෙන තියෙනවා. නැකතෙත් විදි දෙකක් තියෙනවා, සුබ නැකැත් සහ අසුබ නැකැත් කියලා. අපි හිතනවා අලූත් අවුරුද්දක් සාර්ථක වෙන්න නම් අපි ඒ අලූත් අවුරුද්දේ වැඩ සුබ නැකතකට පටන් ගන්න ඕන කියලා. ඒ නිසා තමයි අලූත් අවුරුද්දට කරන ගොඩක් දේවල් අපි නැකැත් බලලා නැකතකට කරන්නෙ.”

නැකැත් එදා පටන් අද දක්වාම අනුගමනය වන්නක් වුවත් අලූත් අවුරුද්දට කෙරෙන සිරිත් සහ වැළකිය යුතු විරිත් ගැන නම් අලූත් පරපුර එතරම් කිට්ටුවෙන් දනිතැයි සිතීමට නුපුළුවන.
”අලූත් අවුරුද්දෙදි කළ යුතු වැඩ වගේම නොකළ යුතු වැඩත් තියෙනවා. මේ දේවල් තමයි අලූත් පරපුර හරි හැටි තේරුම නොගෙන පටලවා ගන්නේ. අවුරුද්ද වෙනුවෙන් ළිප ගිනි නිවන්න කියන වෙලාවට ළිප ගිනි නිවීම කළ යුතු දෙයක්. එතැන තියෙන විරිත තමයි නොනගතය වෙලාවට ළිප ගිනි නොතිබීම, ඒ කියන්නෙ ළිප ගිනි තැබීමෙන් වැළකීම. නොනගතයෙදි ළි`දට ගිහින් වතුර ගේන්නෙ නැහැ කියන එක විරිතක්. ඔය වගේ කළ යුතු නොකළ යුතු දේවල් තියෙනවා.”

”ඔය හැමදේකින්ම අලූත් අවුරුද්දෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. අන්න ඒ අලූත් වීම කියන දේ සිදුවීම තමයි කෙරෙන්න ඕන. පරණ තාලෙටම ගොම මැටි ගාලා, අලූත් ළිපක් හදලා, ගම්මානවල කරන දේවල් කිරීමෙන් විතරයි අවුරුදු සිරිත් රැුකෙන්නෙ කියලා කියන එක හරි දෙයක් නෙමෙයි. අලූත් අවුරුද්දෙදි කුස්සිය අලූත් වෙනවා කියන දේ ගත්තොත් පරණ කුස්සියක නම් ළිප අළු අයින් කරනවා, මැටි ගානවා, ළිප පිරිසිදු කරන ඉලපත අයින් කරලා අලූත් එකක් තියනවා. අද කාලෙ ගෙවල්වල එහෙම කුස්සි නැති වෙන්න පුළුවන් හැබැයි කෑම උයන තැනක් තියෙනවානෙ. එතනත් කාලෙන් කාලෙට අපිරිසිදු වෙනවා. ළිප් බැ`ද ගිනි මොළවනවා කියන්නේ ගෙවල් මැද ළිපක් හදලා පත්තු කරනවා කියන එක නෙමෙයි. අවුරුද්දක් තිස්සෙ කෑම උයලා අපිරිසිදු වෙච්ච කුස්සිය පිරිසිදු කරලා අලූත් තැනක් කර ගන්න එක.මොකද කුස්සිය තමයි ගෙදරක පිරිසිදුවටම තියෙන්න ඕන තැන.”
තමන්ගේ නිවස අලූත් වනවා සේම තමන්ගේ සම්බන්ධතාද අලූත් වීම අලූත් අවුරුද්දකින් බලාපොරොත්තු වන බව කියවෙන්නේය.

”අලූත් වෙන්න ඕන අනිත් දේ තමයි සම්බන්ධකම්. දෙමාපියන් දරුවන් අතර සම්බන්ධකම්, අසල්වැසි සම්බන්ධකම් අලූත් වෙනවා. පවුලේ සම්බන්ධකම් අලූත් වෙනවා වගේම පවුල සහ පන්සල අතර සම්බන්ධකම් අලූත් වීමත් අලූත් අවුරුද්දෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි පුණ්‍ය කාලයේදී පන්සල් යාමෙන් බලාපොරොත්තු වෙන්නෙ. පන්සල් යාම කළ යුතුමයි. අවුරුද්දට පන්සල් යාමේ වෙනසකුත් තියෙනවානෙ. අවුරුද්දට පන්සල් යන්නෙ පවුලම එකට. එතකොට පන්සලේ හාමුදුරුවො වුණත් දැන ගන්නවා මේ පවුලෙ ඉන්නෙ කවුද කියල. මොකද දැන් කාලෙ ගොඩක් දෙනා පන්සල් යන්නෙ අඩු වෙන්නෙ. පවුල් පවුල් පන්සල් යද්දී ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධය අලූත් වෙනවා. ගමේ අසල් වැසියන් අතර සම්බන්ධය අලූත් වෙන විදිය තමයි කෙළි සෙල්ලම්. කෙළි සෙල්ලම්වලට ඉස්සර නම් ගමේ හැමෝම එකතු වෙනවා. දැන් මේ විදියට ගමේ හැමෝම එකතු වෙන්නෙ අවුරුදු උත්සවවලදි. අලූත් අවුරුද්දකින් බලාපොරොත්තු වෙන ගමේ සම්බන්ධකම් අලූත් වීම අද කාලෙ අවුරුදු උත්සවවලින් කෙරෙනවා.”
”මුළු සමාජයම අලූත් වීමකුත් අලූත් අවුරුද්දෙ දී සිද්ධ වෙනවා. ඒ හැමෝම එකම නැකතකට වැඩ කරන නිසා. අනික තමයි හිස තෙල් ගාල අලූත් අවුරුද්දට නෑම. ඒකෙන් තම තමන් කායිකව අලූත් වීමක් වෙනවා. අලූත් අවුරුද්දෙදි පරණ ගම්වල විදියට මේ හැමදේම කිරීමම නෙමෙයි අලූත් අවුරුදු සිරිත් හරියට කරනවා කියන්නෙ. තමන් ඉන්න තැනක ඉ`දගෙන අලූත් වීමයි අලූත් අවුරුද්දකින් බලාපොරොත්තු වෙන්නෙ.”

සැබෑවකි අලූත් අවුරුද්දකින් අප ගත යුත්තේ ජීවිතයට අලූත් පටන් ගැන්මකි. වැරදුණු තැන් නිවැරදි කරගත් අලූත් ගමනකි. ඒ අලූත්වීම සිදු වන්නේ පොතේ ඇති හැටියටම සියලූ චාරිත‍්‍ර සිදු කිරීමෙන්ම පමණක් නොවේ. සිතින් අලූත් විය යුතුය. අලූතින් පටන් ගත යුතුය. එවිට සියල්ල සුබ වන අලූත් අවුරුද්දක් උදා වනු නිසැකය.
ජීවිත අලූත් කරවන්නට සිත් අලූත් වන සුබ අලූත් අවුරුද්දක් වේවා!

නෙලූෂා සිල්වා