මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය මාර්තු මාසයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

අදාළ ප්‍රදේශවල සංචාරය කොට තොරතුරු එක්රැස් කර ගනිමින් මෙම පරික්ෂණය ක්‍රියාත්මක කිරීමට බලා‍පොරොත්තු වන බව ද කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය මාධ්‍ය වෙත ඊයේ (09) සඳහන් කළාය.
මෙම විමර්ශනයේ ආරම්භක අදියර ලෙස අදාළ සිදුවීම්වලින් හානියට පත් වූ පුද්ගලයන්ගේ තොරතුරු සහ සාක්ෂි ලිඛිතව විමසන බව ද උඩුගම මහත්මිය සඳහන් කර ඇත.

මේ පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස්වලින් ද තොරතුරු ලබාගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු යොදා ඇත. ඒ සඳහා සමාජ ජාල ඡායාරූප, වීඩියෝපට හා හඬපට ද ඉදිරිපත් කළ හැකි බව කොමිසම සඳහන් කරයි.

පැතුම් වික්‍රමරත්න