නූතන ලෝකයේ ආරක්ෂක උපාය මාර්ගික දැනුම, ශිල්පීය ඥනය, නව තාක්ෂණික උපකරණ ශී‍්‍ර ලංකාව අභිබවා ගොස් ඇති බවත් එ්ම දැනුම මෙරට ආරක්ෂක අංශද අත්කරගත යුතු බවද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසීය.
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාළියට එක්වෙමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (09) මේ බව සදහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය, ”අපේ රටට මෙන්ම අන්තර්ජාතික වශයෙන් විශිෂ්ට කීර්තියක් සහ ගෞරවයක් ලබා තිබෙන, විනයගරුක හමුදාවක් වශයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ තවත් කණ්ඩායමක් සිය මූලික පුහුණුවීමෙන් පසුව ප‍්‍රතිඥා දී සිය සේවාවන් සදහා පිටව යන අවස්ථාවේ ඔබ ඇමතීමට ලැබීම පිළිබ`දව මා ඉතාමත් සතුටු වෙනවා.

ඉතිහාසයේ මතක සටහන් සමග ඉතිහාසයේ පාඩම් සමග පසුගිය දිර්ඝ කාලයක ත‍්‍රස්තවාදීන්ගේ යුද්ධය ඔබට පරාජය කිරීමට හැකියාව ලැබුණා. නව අධි තාක්ෂණික ලෝකයේ අපිට වඩා යුදමය වශයෙන් ආරක්ෂක උපායමාර්ගික වශයෙන් විවිධ අංශවල තිබෙන දැනුම, ශිල්පීය ඥානය, නව තාක්ෂණික උපකරණ භාවිතය ඉහළයි. ඒ සියල්ල අප විසින් අත්පත් කරගත යුතු වෙනවා.

යුද හමුදාවක තිබිය යුතු මූලික ලක්ෂණයක් වන්නේ, විනයගරුකභාවය, එඩිතරකම, කැපවීම, අවංකභාවයයි. ඔබ මෙහිදී දුන් ප‍්‍රතිඥාව මා හොදින් අසා සිටියා. ඔබේ ප‍්‍රතිඥාව තුළ සියලූ අංශ එක්වී තිබෙනවා. අපි ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ගෞරවයට සහ පිළිගැනීමට ලක්වන්නේ ඒ තුළ තිබෙන්නා වූ විශිෂ්ට ලක්ෂණවලින් හෙබි පිරිසක් විදියට සිය වගකීම් සහ යුතුකම් අපේ ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කිරීමෙනුයි. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ගත් විට අද මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝකයේ සෑම රටක්ම බැදී තිබෙන්නා වූ ප‍්‍රඥප්තීන්, එක`ගතාවයන්, ගිවිසුම් රාශියක් තිබෙනවා.
අපේ යුද හමුදාව සැමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෞරවයට ලක්වූ හමුදාවක් විදියට ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය ස`දහා අපේ විශිෂ්ටයින් යැවීමට ශ‍්‍රී ලංකා රජයට හැකියාව ලැබී තිබෙන්නේ ඒ නිසා යැයි පැවසීය.

 එස්.එම්.පී. බණ්ඩාර- වැලිකන්ද 

army-with-maithri helicopter

ඡයාරූප – කණිෂ්ක බැද්දෙවෙල