21 වැනි ‍පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙ‍ලේ වඩාත් අවධානයට යොමුවූ ලිංගික විපර්යාසයකින් පසුව තරග වැදුණ නවසීලන්ත බර ඉසිලීමේ ක්‍රීඩිකාව ලොරිල් හුබාබ් කි.ග්‍රෑ. 90ට වැඩි බර පන්තියෙන් රන් පදක්කම ලබනු ඇතැයි විශ්වාසය පළ කළද ඊයේ බර එසැවීමේදී හදිසියේ වම් අතේ වැලමිටේ ආබාධයක් ඇතිවීමෙන් තරගාවලියෙන් ඉවතට යෑමට සිදුවිය.
ඒ අනුව සැම්බියානු හා නාවුරු රාජ්‍යයේ ක්‍රීඩිකාවන් රන් හා රිදී පදක්කම් ලැබූ අතර එංගලන්තයේ ක්‍රීඩිකාව ලෝකඩ පදක්කම ලැබිය.
40 හැවිරිදි ලොරිල් හුබාඩ් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමින් තමාට හදිසියේ ඇතිවූ ආබාධය ගැන වඩාත් කලකිරීමෙන් පැවසුවේ තමාට මෙවර තරගයට පෙර ලොකු විරෝධතාවක් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ගෙන් ලැබුණද සත්කාරක ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන් මෙන්ම නිලධාරීන්ද හොඳින් සංග්‍රහ කළ බවයි. මට පදක්කම අහිමි වුණා. හදිසි ආබාධය ගැනයි දැන් මගේ අවධානය. ඉදිරියේදී නැවතත් පදක්කම් අතරට එනවා යැයි ලොරිල් පැවසුවාය. වයස 35දී ලොරිල් කාන්තාවක ලෙසට හෝමෝන විපර්යාසයකට පත්ව තිබුණි.

ධම්මික රත්නවීර ගෝල්ඩ් කෝස්ට් සිට…