සිරියානු ගුවන් හමුදා මූලස්ථානයකට එල්ල වූ මිසයිල ප‍්‍රහාරයකින් සටන්කාමීන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය ගිය හමුදා භටයින් අතර ඉරාන හමුදා භටපිරිස් ද වන බව එරට වාර්තා පැවැසීය. මෙය අමෙරිකාව විසින් කරන ලද ප‍්‍රහාරයක් බවට සැකකෙරෙන වාර්තා පළවුවද අමෙරිකාව එම ප‍්‍රහාරය එල්ල නොකළ බව නිවේදනය කර ඇත. අමෙරිකාව පිළිබඳ සැක මතුවූයේ ‘ලොකු උත්තරයක් දෙන’ බවට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැවසීම නිසයි. එමෙන්ම පසුගිය වසරේදී අමෙරිකාව විසින් සිරියානු ගුවන් හමුදා මූලස්ථානයට කෲස් මිසයිල ප‍්‍රහාරයක් ද එල්ලග කර තිබිණ.
ඊයේ සිදුවූ මිසයිල ප‍්‍රහාරය පෙර දින ¥මෑ ප‍්‍රදේශයට එල්ල වූ ගෑස් ප‍්‍රහාරයට ප‍්‍රතිප‍්‍රහාරයක් වන්නට ඇතැයි ද ඇතැම් වාර්තාවල දැක්විණ. සිරියානු නැගෙනහිර පළාතේ කැරලිකරුවන් පාලනයේ තිබූ අවසන් ප‍්‍රදේශය එයයි. පුද්ගලයන් 70ක් පමණ ඉන් මියගොස් තිබූ බව වාර්තා පළවී තිබිණ. අමෙරිකානු ජනාධිපතිවරයා ගෑස් ප‍්‍රහාරය දැඩිව විවේචනය කර තිබිණ.