වසර 4000ක් පැරණි, අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකිව පුරාවිද්‍යාඥයන්ට අභිරහසක්ව තිබූ මමිය පිළිබඳ ගැටලූව එෆ්බීඅයි ආයතනය විසින් විසඳා දුන් පුවතක් වාර්තා වේ. මමියේ දතක් ඞීඑන්එ් පරීක්ෂණය සඳහා ලබාගැනීමෙන් අනතුරුව එෆ්බීඅයි නිලධාරීන් මෙය විසඳා තිබේ. එ් එය ඩිජෙහිට්නැක්ට් නමැති ඊජිප්තු ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ හිස බවට තහවුරු කරමිනි.

ඊජිප්තුවේ විශාල සොහොනක් වන ඩියර් එල් බර්ෂාහි තිබී 1915 දී කඳ සුන් හිසක් මෙලෙස සොයාගෙන තිබුණි. එම සොහොන පුරාවස්තු කොල්ලකරුවන් විසින් කොල්ලකා තිබී ඇත. එහෙත් එම සොහොන ඉහත ආණ්ඩුකාරවරයාට අයත් එකක් බවට සොහොනේ සඳහන්ව තිබී ඇතත් පුරාවිද්‍යාඥයන් මෙම හිස පිළිබඳ වසර ගණනාවක් තිස්සේ පර්යේෂණ කර ඇත්තේ එය කාගේද යන්න පිළිබඳ විසඳා ගැනීමට නොහැකිව ය. එම සොහොන් ගැබ තුළ ආණ්ඩුකාරවරයාගේ හා බිරිඳගේ යන දෙදෙනාගේම දේහ තිබී ඇති බැවින් මෙම හිස දෙදෙනාගෙන් කාගේ හිස ද යන්න පිළිබඳ වසර කිහිපයක සිට ගැටලූවක් වී තිබිණ. 1920 දී එය බොස්ටන් කෞතුකාගාරයට ගෙනැවිත් තිබේ.

කෙසේවෙතත් ඞීඑන්එ් පර්යේෂණ අතින් දියුණුතම තාක්ෂණය හිමි එෆ්බීඅයි නිලධාරීන් කර ඇත්තේ මෙම හිසෙහි ඞීඑන්එ් ලබාගැනීම සඳහා එහි දතක් ලබාගැනීමයි. එ් පිළිබඳ පරීක්ෂණ කළ එෆ්බීඅයි නිලධාරීන් කෙටි කලක් තුළ මෙය ආණ්ඩුකාරවරයාගේ බවට තහවුරු කර තිබුණි. ”මෙය අපරාධ විසඳන නිලධාරීන් කළ දෙයක් බවට ඉතිහාසගතවේවි. එ්ක ටිකක් අමුතුයි තමයි. නමුත් එමගින් කියැවෙන්නේ අපගේ ඞීඑන්එ් තාක්ෂණයේ දියුණු සහ නිරවද්‍යතාවයි. මෙම පර්යේෂණයත් සමඟ අප අපරාධ විසඳීම සඳහා භාවිත කර ඇත්තේ එතරම් සූක්ෂ්ම හා දියුණු තාක්ෂණයක් නිසා වඩා වැඩි විශ්වාසයක් අපිටත් ලැබී තිබෙනවා” යැයි එෆ්බීඅයි ප‍්‍රධානියකු පවසා තිබේ.