අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ තවදුරටත් කටයුතු කළ යුතු බවට එම පක්ෂය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සඳහා අරලියගහ මන්දිරයේ දී පෙරේදා (07) පැවැති සාකච්ඡුාවේදී මෙම තීරණය ගත් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (08) පැවසීය.
පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයා ජනාධිපති ධුරයේ හෝ අග‍්‍රාමාත්‍ය ධුරයේ සිටින්නේ නම් ඔහුගේ තනතුර වෙනස් නොවන බවද කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡුාවලදී පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ස`දහා දේශපාලන මණ්ඩලයක් රහස් ඡුන්දයක් මගින් තෝරා ගත් බවත් එ් ස`දහා පක්ෂයේ උප නායකයා සහ නියෝජ්‍ය නායකයා නිල බලයෙන් තේරීපත් වන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

එ් අනුව එම දේශපාලන මණ්ඩලයට මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර මහතා, නවීන් දිසානායක, අජිත් පී. පෙරේරා, අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක, එරාන් වික‍්‍රමරත්න, හරින් ප‍්‍රනාන්දු, රුවන් විජේවර්ධන, නලින් බණ්ඩාර, අශෝක ප‍්‍රියන්ත, ජේ.සී. අලවතුවල යන මැති ඇමතිවරුන් ඇතුළත් වන බවද හෙතෙම පැවසීය.
මෙම මණ්ඩලය ස්ථිර මණ්ඩලයක් ලෙස කටයුතු කිරීමට නියමිත බවත් ඔවුන්ගේ නිර්දේශ මත ඉදිරියේදී පක්ෂයේ තනතුරු එළැඹෙන 30 වැනිදා වන විට තීරණය කිරීමට නියමිත බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.

නුවන් සේනාරත්න