Map of Sri Lanka with Sri Lanka Flag on a world map background

මතෛක් භාවිත කළ ශ්‍රී ලංකා සිතියම වෙනුවට නව සිතියමක් ලබන මැයි මස සිට හඳුන්වා දීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සහ තවත් ප්‍රදේශ කිහිපයක සිදු වූ ඉදිකිරීම්වලින් භූමියේ වූ වෙනස්කම් පදනම් කරගෙන ශ්‍රී ලංකා සිතියම නව මුහුණුවරක් ගන්නා බව මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත මහතා ‘රිවිර’ට ඊයේ (08) පැවසීය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මෙයට අදාළ දත්ත එක්රැස්කර අවසන් වී ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ දී නව සිතියම මුද්‍රණය කිරීමට බලා‍පොරොත්තු වන බවත් උදය කාන්ත මහතා අවධාරණය කළේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්