මාස් කන්නයේ නෙළා ගත් වස විසෙන් තොර නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ අලුත් සහල් මංගල්‍යය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේදී පැවැත්විණි.පුරාතනයේ සිට පැවතෙන චාරිත්‍රයක් ඉටු කරමින් දිවයිනේ නන් දෙසින් ගොවීන් රැගෙන එන නොඉඳුල් සහල් ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියස ඇති විශාල පාත්‍රය වෙතට පූජා කරමින් අලුත් සහල් මංගල්‍යය සැමරූ අයුරු.

ඡායාරූපය : ජනාධිපති මාධ්‍ය අංශය