මගේ සිහිනය සැබෑ වුණා. මම මතෛක් කල් පුලපුලාබලාසිටි මොහොත මට උදාවීම සතුටක් බව ඊයේ (8) ගෝල්ඩ් කොස්ට් නුවරදී 21 වැනි ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ  කි.ග්‍රෑ. 49 බර පංතියෙන් තරගවැදුණු බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු අවසන් පූර්ව වටයට ළඟා වීමෙන් පසු ‘රිවිර’ට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.  ශ්‍රී ලංකා නාවික බොක්සිං පි‍ලේ වඩාත්ම අත්දැකීම් ඇති. අනුෂාට පසුගිය  ස්කොට්ලන්ත ‍පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මගහැරී ගියේ  අවාසනාවන්ත ලෙස රිය අනතුරකට මුහුණදීමට සිදුවූ හෙයිනි.

ඊයේ ඇය තම සිහිනය සැබෑකර ගත්තේ මේවන විටත් ලෝකඩ පදක්කම තහවුරු කරගනිමිනි. ඇයගේ මීළඟ උත්සාහය 11 වැනිදා අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ඉන්දීය ක්‍රීඩිකාව මේරි කොම් පරදා අවසන් තරගයට ළඟාවී රිදී හෝ රන් පදක්කමින් ශ්‍රී ලංකාව සැරසීමය. එය පහසු නැත්තේ මේරි ලෝකේ අංක එකේ ක්‍රීඩිකාව වුවත් අනුෂාට ලොකු විශ්වාසයක් මෙවර ගොඩනැගීම නිසා ප්‍රතිවාදියාට පහරදීමට නොහැකියාවක්  නොමැත. ඊයේ අනූෂා අර්ධ අවසන් පූර්ව තරගයේදී කේමන් දූපතේ 21 හැවිරිදි බ්ලෙන්ඩා බර්න්ස් ප්‍රථම වටයේදීම පරාජය කළේ (ඬදධජඬධභබ) දැඩි ප්‍රහාරයකට ලක්කරමින් වට තුනක තරගය තනි වටයෙන්ම නිමා කරමිනි.

අනූෂා ජයග්‍රහණයෙන් පසුව මුලින්ම  ‘රිවිර’ට විශේෂ ප්‍රකාශයක් කරමින් සතුටු කඳුළු වැගිරුවේ සිහිනය සැබෑ වූ බව ප්‍රකාශ කරමිනි. මම මෙවර 48ඬඨ බර පන්තිය හරහා නැවත ජයග්‍රාහී මාවත උදාකර ගත්තා. මේක මගේ තීරණයක්. මගේ උස, මගේ සවිය තිබුණා. මම ගොඩක් දුක්වින්දා බර පාලනය කරගැනීමට මගේ පියා අද ජීවතුන් අතර නැහැ. මට මගේ පුහුණුකරු ඩයන් සර්. ඔහු මට තාත්තා වගේ, හර්ෂ කුමාර අයියා, අමිල අරවින්ද අයියා, සියලුම මගේ පුහුණුකරුවන් මම අමතක කරන්නෙ නැහැ. ඉතින් මගේ අභිප්‍රාය දැනට ලැබි ඇති ලෝකඩ පදක්කම, රිදී හෝ රන් බවට පෙරළීම. ඒකට හැමෝම මට ආශීර්වාද කරාවි යැයි අනුෂා පැවසුවය.

අනූෂා මේ වන විට ප්‍රථම ‍පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං කාන්තා පදක්කමට උරුමකම් කියා ඇත. අනුෂා ගැන වත්මන බොක්සිං සංගම් සභාපති ඩයන් ගෝමස් පැවසුවේ ස්කොට්ලන්තයේදී මගහැරුණ පදක්කම දැනටම ලබාදීම වැදගත් වන්නේ   1938 බානි හෙන්රිකස් ශ්‍රී ලංකාවට බොක්සිං රන් පදක්කම ලබාදීමෙන් පසුව නැවතත් බොක්සිං පදක්කමක අයිතිය ලබාදී ඇති නිසාය.  මේක ලොකුම ජයක්. දැනටමත් ලෝකඩ පදක්කම  ලැබිලා අපේක්ෂාව රන් පදක්කම. අපි අවුරුදු 10-15 ක සැලසුමකින් පස්සේ මෙය ලැබුවේ. මංජු වන්නිආරච්චි දිල්ලි ‍පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයේදී ලොකු පරාජයක් ලැබුවා. ඒත මේක දැන් හොඳ ප්‍රවේශයක්. මම දැන් යශ්ටිය දී තිබෙනවා. එය ගෙනයන්නයි තියෙන්නේ. 1950 වසරේ ඕක්ලන්ඩ් ‍පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙ‍ලේ කේ.එඩ්වින්, ඇල්බට් පෙරේරා රිදී පදක්කම්, ඇලෙක්ස් ඔබේසේකර ලෝකඩ පදක්කම ලබාගැනීමෙන් අනතුරුව වසර 68කින් පසු බොක්සිං පදක්කමකට උරුමකම් කීම කෙතරම් සුවිශේෂී බවක් ගෙනදේ ද යන්න පැහැදිලිය.

ස්කොෂ් ක්‍රීඩිකා මිහිලියා පළඟ ශූරතා අවසන් තරගයේදී පරදී
ඊයේ (08) ශ්‍රී ලංකා ෂ්කොෂ් ක්‍රීඩිකා මිහිලියා මෙත්සරණි බාබෙඩෝස් ක්‍රීඩිකා බෙස්ට් වේගන් 3-1ක් ලෙස පරාජයට පත් වුවද ‍පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට පළඟ ශූරතා අවසන් තරගයට පැමිණීම විශේෂත්වයක් විය.
කෙසේ වුවද ප්‍රථම වාරය 6-11 ලෙස පැරදුනු මිහිලියා දෙවැනි වටය 13-11 ලෙස සටන්කාමී ලෙස ජය ගැනීම කැපී පෙනුණි. මේගන් 11-8, 12-10 ලෙස තම අත්දැකීම් තුළ මිහිලියා පරාජයට පත් කළත් තරගාවලියේ 17 වැනි ක්‍රීඩිකාව බවට පත්වුණි.

මේ අතර ඊයේ බර එසවීමේ ක්‍රීඩක ශානක මධුසංඛට හිමිවූයේ අටවැනි ස්ථානයයි. පිහිණුම් ක්‍රීඩාවේ පදක්කම ශ්‍රී ලංකාවට නොලැබුණුද මැතිව් අබේසිංහ මීටර් 100 නිදහස් ආර මූලික වටය තත්. 49.11 නිම කිරීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබිමත් එම ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලැබිම අවසන් මොහොතේ ගිලිහී යාම විශේෂත්වයක් විය.
කෙසේ වුවත් සමස්ථයක් ලෙස පිහිණුම් ක්‍රීඩකයන් ලෙස මැතිව් හා කයිල් අබේසිංහ සොයුරන්, අකලංක පීරිස් හා වෙරන්ත ද සිල්වාගේ ඉහළ දක්ෂතා ඉදිරියට හොඳ අස්වැසිල්ලක් විය හැකිය.

බොක්සිං ක්‍රීඩක දිනිදු සපරමාදු කි.ග්‍රැ. 64 බර පන්තියෙන් තරග වදිමින් ඊයේ මූලික වටයේදී නවසීලනත් ක්‍රීඩක හැව්ලො රිචඩ් සමග තියුණු තරග වට තුනක් ක්‍රීඩා කිරීමෙන් පසුව ජයග්‍රහණය කිරීම වඩාත් සතුටට කරුණක් වූයේ ඔහු පිළිබඳ මෙවර පදක්කම් බලා‍පොරොත්තුවක් ඇති  බැවිනි. දිනිදු ලැබූ මේ ජයග්‍රහණය සහ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර 12 දා නැම්බියා ක්‍රීඩක ජොහාන් හා සැම්බියා ක්‍රීඩක වැලැන්ටින් අතර තරගය් ජයග්‍රාහකයා සමග මුහුණ දෙනු ඇත.

මේ අතර කි. ග්‍රැ. 75 බර පන්තියේ චතුරිකා ප්‍රියන්ති ඊයේ රාත්‍රියේදී බර ඉසිලීමේ ඉසව්වට සහභගි වීමට තිබුණි.

ධම්මික රත්නවීර ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් නුවර සිට

ඡායාරූප තුසිත් විජේදෝරු
‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය, ශ්‍රී ලංකාව

Untitled-6