චිත‍්‍රපටයක දර්ශනයක් සඳහා එය රූගත කරන අතරතුර දුර්ලභ ගණයේ මුවන් දෙදෙනකු ඝාතනය කිරීමට වරදකරු ලෙස 5 වසරක් සඳහා සිරගත කෙරුණු සුපිරි බොලිවුඞ් නළු සල්මන් ඛාන් දින 2කට පසුව ඇප ලබා නිදහස් විය. එ් ඔහුගේ අභියාචනය සළකා බැලූ ජෝද්පූර් අධිකරණ විනිසුරු රවින්ද්‍ර කුමාර් ජෝෂි කළ තීන්දුවකට අනුවයි. ඉන්දීය රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත සල්මන් ඛාන් පෙරේදා (07* නිදහස් වී තිබිණි. කෙසේවෙතත් විදේශගත වීමේදී ඔහුට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට සිදුවේ. මේ පිළිබඳ තවත් නඩු වාරයක් මැයි 7 වැනිදා ද විභාග වීමට නියමිත ය. සල්මන් ඛාන්ට මෙම නඩුවට අදාළව වරදකරු වී තිබුණේ වසර 20ක් පුරා විභාග වූ නඩුවක තීන්දුවක් ලෙසයි. ඔහු සමඟ චෝදනා ලබා තිබූ ‘හම් සාත් සාත් හෙයින්’ චිත‍්‍රපටයේ රඟපෑ තවත් බොලිවුඞ් නළු නිළියන් සිව්දෙනකු නඩුවෙන් නිෙදාස් කොට තිබිණ. මේ අතර රාජස්ථාන් විනිසුරුවරුන් 87 දෙනකුට මාරුවීම් ලැබී ඇති අතර එ් අතර රවින්ද්‍ර කුමාර් ජෝෂි ද වේ. මෙය වාර්ෂිකව සිදුවන මාරුවීමක් වුවද ඇප තීන්දුව ලබාදී දිනකට පසු මෙම මාරුවීම් ලබාදීම පිළිබඳ එරට තුළ තරමක ආන්දෝලනයට තුඩු දී තිබේ.

ජෝද්පූර් මධ්‍යම අධිකරණය තුළ නොම්මර 106 නමින් සල්මන් ඛාන් සිරගතව සිටි දින දෙකක කාලය තුළ ඔහුට සෙසු අයට මෙන්ම දුරකතන අංක 2ක් සඳහා ඇමතුම් ලබාගැනීමේ පහසුකම සලසා ඇත. ඔහු මවගේ හා පියාගේ අංක ලබාදී ඇමතුම් ගැනීමට උත්සහ කළ ද එකකටවත් ප‍්‍රතිචාර නොලැබුණු බව සදහන් වේ. ඔහු වරින් වර මවට සහ පියාට ඇමතීමට උත්සහ කළ ද එය අසාර්ථක වූ බව බන්ධනාගාර නිලධාරීන් පවසා තිබේ. සිරමැදිරියේ පළමු රාත‍්‍රිය ඔහුට අතිශය අවිවේකී රාත‍්‍රියක් වූ බව එරට වාර්තා පළකළේ ය. ඊට හේතුවූයේ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් වරින් වර පැමිණ ඛාන්ගේ තතත්වය විමසීමත් ඔහුට අවශ්‍ය නම් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදිය හැකි බවටත් විමසීම හේතුවෙනි. එය සල්මන් ඛාන් විසින් නිහතමානීව ප‍්‍රතික්ෂේප කර තිබු බවත් එහෙත් හිරබත් (සිරකරුවන්ට ලබාදෙන ආහාර*
ප‍්‍රතික්ෂේප කළ බවත් එම වාර්තා පැවැසීය. එ් වෙනුවට සිර කඳවුරේ ආපනශාලාවෙන් ආහාර මිලදීගත හැකිද යන්න සල්මන් විමසා තිබේ. ඔහු කිරි වීදුරුවක් හා පාන් ඉල්ලා ඇති අතර ආපනශාලාවෙන් ලබාගෙන ඔහුට එ්වා ගෙනැවිත් දීමට කටයුතු සැලසී ඇත. කෙසේවෙතත් ගතවූ දින දෙක තුළ ආහාර වේල් කිහිපයක් මඟහැරුණ ද සල්මන් සිරගතව කාලය තුළ ව්‍යායාම අත්නොහැරි බවට ද එරට වාර්තා ස`දහන් කළේ ය. දිනකට පැය 3ක් පමණ ඔහු ව්‍යායාම කළ බව බන්ධනාගාර නිලධාරියකු පවසා තිබේ. සිර මැදිරියේ දමා තිබෙන අතුරනයේ වැතිරෙන සල්මන් මධ්‍යම රාත‍්‍රියේ නින්දට ගොස් උදෑසන කඳවුරේ සීනුව නාදවන විට නැගිට යළිත් නින්දට ගොස් යළිත් පෙරවරු 8.30ට අවදි වන බව ද ඔහු පවසා ඇත. ඔහු වෙනුවෙන් වැඩි ආරක්ෂාවක් කඳවුරට යොදවා සිටි අතර ඔහු ආහාර ගන්නා අවස්ථාවේදී අනෙක් සිරකරුවන් මෙන් පිටතට නොපැමිණි බවත් සිරමැදිරිය තුළම ආහාර ගත් බවත් සඳහන් වෙයි.

1998 පටිගත කළ මෙම චිත‍්‍රපයට අදාළව සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් සල්මාන්ට එරෙහිව පැනවුණු 4 වැනි නඩුව මෙයයි. එලෙස නඩු දෙකකට අදාළව වසරක් හා වසර 5ක් ලෙස 2006 දීද සල්මන් ඛාන්ට සිර දඬුවම් නියම වූ අතර රාජස්ථාන් මහාධිකරණය විසින් එම ද`ඩුවම එම වසරේදී අත්හිටුවීය. අවසානයේදී එම දඬුවම් දෙකම 2016 වසර වනවිට නිෂ්ප‍්‍රභ විය’ එ් අනුව ප‍්‍රාන්ත රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කළේ ය. 2017 දී බලපත් රහිත ගිනි අවියක් එම චිත‍්‍රපටයේ දී සතුන් දඩයම සඳහා භාවිත කළ බවට ද නඩුවක් ගොනුවිය.

සල්මන් ඛාන්ට එරෙහිව දුලභ ගණයේ මුවන් දෙදෙනකු ඝාතනය කිරීමේ චෝදනා ගොනු කරන ලද්දේ බිෂ්නොයි ආගමිවාදී සමූහය විසිනි. සල්මන් ඛාන්ට ඇප ලබාදීමට එරෙහිව චෝදනා ගොනු කිරීමට දැන් එම සමූහය සැරසෙන බව ද සඳහන් ය.